mervin-silva-rupavahini

ශ්‍රී ලංකා රූප­වා­හිනී සංස්ථාව පරි­ශ්‍ර­යට පිරි­සක් සමඟ බල­හ­ත්කා­ර­යෙන් ඇතුළු වී එහි හිටපු ප්‍රවෘත්ති අධ්‍ය­ක්ෂ­ව­ර­ය­කුට බැණ පහ­රදී තර්ජ­නය කළේ යැයි කියන සිද්ධි­යට අදාළ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා රුපි­යල් ලක්ෂ පහක ශරීර ඇප­යක් මත මුදා හැරී­මට කොළඹ අති­රේක මහේ­ස්ත්‍රාත් තරංගා මහ­වත්ත මහ­ත්මිය ඊයේ (07) නියෝග කළාය.



හිටපු අමා­ත්‍ය­ව­ර­යාගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ග­යක් ද අධි­ක­ර­ණ­යෙන් නියම විණි.

මෙම සිද්ධියේ තෙවැනි සැක­කරු ලෙස නම්කර සිටි හිටපු නාග­රික මන්ත්‍රී­ව­ර­යකු වන ලාල් පීරිස් යන අය ඊයේ (07) අධි­ක­ර­ණය හමුවේ පෙනී නොසි­ටීම මත ඔහු වහාම අත්අ­ඩං­ගු­වට ගෙන ඉදි­රි­පත් කරන ලෙසට පොලි­සි­යට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය එම සැක­ක­රුගේ විදේශ ගමන් තහ­නම් කිරීමේ නියෝ­ග­යක්ද නිකුත් කළාය.



ඉකුත් 2007 වස­රේදී මැර කණ්ඩා­ය­මක් සමග රූප­වා­හිනී සංස්ථා­වට අයුතු ලෙස ඇතුළු වී ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී. එම්. ජී. චන්ද්‍ර­සේ­කර යන අයට පහ­ර­දීම තර්ජ­නය කිරීම ඇතුළු චෝදනා යටතේ නුවන් උදය ගුණ­ති­ලක, මර්වින් සිල්වා හා ලාල් පීරිස් යන අයට එරෙ­හිව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව පැවරූ නඩුව විභා­ග­යට ගත් අව­ස්ථා­වේදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය මෙම නියෝග නිකුත් කළාය.

මෙම නඩුව ඊයේ (07) අධි­ක­ර­ණය හමුවේ කැඳවූ අව­ස්ථා­වේදී පැමි­ණි­ලි­කාර චන්ද්‍ර­සේ­කර මහතා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මෙහෙ­ය­වී­මෙන් සාක්ෂි ලබා දුන්නේය.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මැර කණ්ඩා­ය­මක් සමඟ 2007 දෙසැ­ම්බර් 27 වැනි දින උදෑ­සන 9.30ට පමණ රූප­වා­හිනී සංස්ථා පරි­ශ්‍රයේ පිහිටි තම කාර්යා­ල­යට පැමිණි බවත්, මර්වින් සිල්වා මහ­තාගේ උප­දෙස් පරිදි මෙම නඩුවේ පළමු සැක­කරු තම කමි­සයේ කොල­ර­යෙන් අල්ලා තමාට පහර දුන් බවත් සාක්ෂි­කරු සිය සාක්ෂිය ලබා­දෙ­මින් ප්‍රකාශ කළේය.

මගේ නිව්ස් එක දාපු නැති එකා මොකාද? මම ඕකව අද බෙල්ලෙන් අල්ලලා එළි­යට දානවා. ලෙසින් තර්ජ­නය කළ මර්වින් සිල්වා මහතා ඕකව එළි­යට ඇදලා දාපන් කියලා නඩුවේ පළමු සැක­ක­රුට පැවසූ බවත්, පසුව තර්ජන මැද තමන් රූප­වා­හිනි සංස්ථාවේ හිටපු සභා­පති ආචාර්ය ආරි­ය­රත්න ඇතු­ගල මහ­තාගේ කාර්යා­ල­යට දිව ගිය බවත් සාක්ෂි­කරු සඳ­හන් කළේය.



පසුව තමන් කොළඹ ජාතික රෝහලේ බාහිර රෝගී අංශ­යෙන් ප්‍රති­කාර ලබා නිව­සට ගිය බවද සිය සාක්ෂිය ලබා­දෙ­මින් සාක්ෂි­කරු විවෘත අධි­ක­ර­ණ­යේදී ප්‍රකාශ කළේය.

නීති­ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත මෙම සිද්ධි­යට අදා­ළව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සැක­ක­රු­වෙකු ලෙස නම් කළේ මීට වසර දෙක­කට පෙරදී බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව අධි­ක­ර­ණ­යට කරුණු ඉදි­රි­පත් කළේය.

මෙම නඩුවේ අග­ති­යට පත් පාර්ශ්වය වෙනු­වෙන් අධි­ක­ර­ණයේ පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා සඳ­හන් කර සිටියේ මෙම පැමි­ණි­ල්ලට වසර දාහ­තක් ගත වී ඇති බවත්, විවිධ පාර්ශ්ව­යන්ගේ බල­පෑම් පැමි­ණි­ල්ලට එල්ල වී තිබීම හේතු­වෙන් නඩු විභා­ගය මෙලෙස කල් දම­මින් සිටින බවත්ය.

මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට දැනුම් දුන්නේ ඉදි­රි­පත් වන පැමි­ණිලි සම්බ­න්ධ­යෙන් ඉතා­මත් සැල­කි­ලි­මත්ව කට­යුතු කර සියලු ඉල්ලීම් සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණය දැනු­ම්වත් කළ යුතු බවය.

මෙම නඩුවේ තෙවැනි සැක­කරු අධි­ක­ර­ණයේ පෙනී නොසි­ටීම සහ එම සැක­ක­රුගේ ඇප­ක­රු­වන් සම්බ­න්ධ­යෙන්ද මෙහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රිය විවෘත අධි­ක­ර­ණ­යේදී ප්‍රශ්න කළාය.



එහිදී එම සැක­කරු මේ වන විට විදේ­ශ­ග­තව ඇති බවට කරුණු ඉදි­රි­පත් විණි.

එම සැක­කරු විදේ­ශ­ගත වී ඇත්නම් ලංකා­වට පැමි­ණෙන විට වහාම අත්අ­ඩං­ගු­වට ගන්නා ලෙසට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට නියෝග කළ මහේ­ස්ත්‍රා­ත්ව­රිය එම සැක­ක­රුගේ විදෙස් ගමන් තහ­නම් කිරීමේ නියෝ­ග­යක්ද නිකුත් කළාය.

මෙම නඩුවේ වැඩි­දුර විභා­ගය ලබන ජූලි මස 15 දිනට කල් තැබූ අධි­ක­ර­ණය විත්තියේ හරස් ප්‍රශ්න ඇත්නම් එදි­නට ඉදි­රි­පත් කරන ලෙසට විත්ති පාර්ශ්ව­යට නියෝග කළේය.

(නිමන්ති රණ­සිංහ)