
මියගොස් ඇති තැනැත්තියක ජීවත්ව සිටින බව සඳහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරියෙකු කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.කළුතර, තේක්කවත්ත ග්‍රාම නිලධාරී වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිලධාරීවරයා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සදහන් වේ.
සැකකාර ග්‍රාම නිලධාරිවරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිලධාරී වසමක රාජකාරී ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටි බව සඳහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයෙකු අමතා ලිපියක් නිකුත් කර ඇති බව පොලීසිය සදහන් කරයි.එසේ නිකුත් කල ලිපිය රැගෙන ගිය කාන්තාව එම ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇති බවද පොලීසිය පවසයි.
ලිපිය නිකුත් කළ කාන්තාව තමා නොදන්නා බවත්, කුඩා දරුවන් දෙදෙනෙකු කැටුව පැමිණ ඉල්ලා සිටිමෙන් පසු ලිපිය නිකුත් කළ බවත් ග්‍රාම නිලධාරියා කළ ප්‍රකාශවලින් හෙලිව ඇති බවද පොලීසිය සදහන් කරයි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
Comments
Post a Comment
Your comment will be visible after approval