
බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දියතලාව පොලිස් වසමේ ගල්ඒදණ්ඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි දැරියක මෙලෙස මියගියාය.
දැරියගේ මෘත ශරීරය මේ වනවිට බදුල්ල මහා රෝහලේ තැන්පත් කර තිබෙයි.
2024 ෆොක්ස් හිල් මෝටර් රථ ධාවන තරගාවලිය අප්‍රේල් 21වනදා පෙරවරුවේ දියතලාව නරියාකන්ද ධාවන පථයේ දී ආරම්භ වූ අතර එහිදී සිදුවු මාරක අනතුරින් 7 දෙනෙකුට දිවි අහිමිවූයේ ධාවන තරගයේ සහායකවරුන් සිව්දෙනෙකුද ඊට අයත් විය. නැරඹීම සඳහා පැමිණ සිටි අය අතරින් සෙසු අය විය.මේ දැරියගේ මරණය සමග මියගිය ගණන 8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
8 හැවිරිදි වැලිමඩ ශිව කුමාර් දිනුෂිකා, 55 හැවිරිදි වැලිමඩ මුත්තුසාමි උදයකුමාර්, සීදුවේ 19 හැවිරිදි චමත් නිරෝෂන්, 62 හැවිරිදි මාතර අරුණ ශාන්ත උපාලිගමගේ , 20 හැවිරිදි අකුරැස්සේ අසේන් හීනටිගල, රසික අබේනායක සහ 60 හැවිරිදි මාතර ගනේෂ් ජයවර්ධන අය මෙහිදී ජීවිතක්ෂයට පත් සෙසු අයයි.
Comments
Post a Comment
Your comment will be visible after approval