
නර්තන ගණයේ සිනමා සිත්තමක් වන "ශේෂ" (Sheysha), පසුගියදා පැවති Cannes - 2024 සිනමා සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර විය.
සම්මාන උළෙලෙහි 'BEST DANCE FILM' අංශය ජයග්‍රහණය කරමින් මෙම සම්මානය හිමි විය.
''හෙළයාගේ අස්පර්ශ මූලාශ්‍රය'' මැයෙන් හඳුන්වා දුන් "ශේෂ" ඉසුරු ගුණතිලකගේ අධ්‍යක්ෂණයකි. සමන්ත කුමාර ගමගේ සිනමා රචනයකි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ප්‍රවීණ නර්තන ශිල්පි චන්දන වික්‍රමසිංහ විසින් රඟදැක්වූ අතර උමාලි තිලකරත්න ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක විය.
චිත්‍රපටයේ කතා තේමාව ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික නර්තනය සහ පිය පුතු සම්බන්ධය වටා ගෙතෙන්නකි.
දේශපාලනික වශයෙන් අවිඥානික සහ සංස්කෘතික වශයෙන් දූෂිත සමාජයක තම කලාව තම ජීවිතය ලෙස ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ‘ගුරුන්නාන්සේ’ සහ ඔහුගේ ආදරණීය පුතු වටා කේන්ද්‍රගත වූ ආදරණීය කතාවක් යයි හඳුන්වා තිබිණි.
අධ්‍යක්ෂ ඉසුරු ගුණතිලක පැවසුවේ ''දූපතින් එහාට අපේ කල්චර් එක ගෙනියන්න හදපු සුවිශේෂී "ශේෂ", ගැන සතුටු වෙනවා" යනුවෙනි.
Cannes World Film Festival (කාන්ස් ලෝක සිනමා සම්මාන උළෙල) ලෝකයේ විශාල අවධානයක් දිනාගත් සම්මාන උළෙලකි.

Comments
Post a Comment
Your comment will be visible after approval