
මාතලේ පැවැති රාජ්‍ය වෙසක් උත්සවයේ පසුගිය 25 වැනිදා රාත්‍රී රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරියක සතුව තිබියදී නැතිවූ ඒ.ටී. එම්. කාඩ්පත අහුලාගෙන එම කාඩ්පතෙන් ඉන්ධන පිරවුම් පොළකින් පෙට්‍රල් ලබාගත්තේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු පස් දෙනෙක්
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරේදා (28) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන පොලිස් සැරයන්වරයකු සහ පොලිස් කොස්තාපල්වරයෙකි.අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනාගෙන් දෙදෙනෙකු ලග්ගල සහ කන්දෙනුවර පොලිසියේ බහුකාරිය සහායකයන් ලෙස කටයුතු කරන්නන් බව පොලිසිය කියයි. අනෙක් අය කාර්මික නිලධාරියෙකි.මාතලේ විහාර මාවතේ මෙම ඒ.ටී.එම්. කාඩ්පත වැටී තිබියදී අහුලා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
තමාගේ අස්ථානගතව තිබූ තිබූ ඒ.ඒ.ටී.එම්. කාඩ්පතින් භාණ්ඩ ලබාගෙන ඇති බවට මාතලේ මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරි කරන මෙම කොස්තාපල්වරිය මාතලේ මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයට පැමිණිලි කර තිබූ අතර අස්ථාන ගතව තිබූ ඒ.ටී.එම්. කාඩ්පතින් භාණ්ඩ ලබාගත් බවට කෙටි පණිවිඩයක් කොස්තාපල්වරියගේ ජංගම දුරකථනයට ලැබී තිබුණේ යැයි පොලිසිය කියයි.
මාතලේ ඉන්ධන පිරවුම් පොළකින් පෙට්‍රල් ලබාගෙන රුපියල් 15,150 මුදලක් ද ලබාගෙන ඇති බව පොලිසිය කියයි. මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයම්පති මහන්තා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසිනි. අත්අඩංගුවට ගැනුණ පස් දෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මාතලේ මූලස්ථාන පොලිසියට බාර දෙනු ලැබ සිටිති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය