
දැනට ද්විත්ව පුරවැසිභාවය හිමි තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුවත් සිටින බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ අනාවරණය කළහ.
“අපි මේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සලකා බලන ලෙසයි. ඩයනා ගමගේට සමාන මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සුදුසුකම් නොමැති බවට තොරතුරු අපට අසන්නට ලැබෙනවා.” සෝභිත හිමියෝ මාධ්‍ය අමතමින් පැවසූහ.
මෙම කරුණු සම්බන්ධයෙන් අධිකරණයට යෑම කාලය හා මුදල් නාස්ති කිරීමක් බවද සෝභිත හිමියෝ පැවසූහ. “අපි මේ මන්ත්‍රීවරුන්ට ගෞරවාන්විතව තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා සිටිමු” සෝභිත හිමියෝ පක්‍ෂ නායකයින්ට තම නියෝජිතයන් ප්‍රවේශමෙන් තෝරා ගන්නා ලෙස සිහිපත් කළහ.
Comments
Post a Comment
Your comment will be visible after approval