
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් පැය 10ක පමණ දීර්ඝ ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබිණි.
ප්‍රමිතියෙන් තොර ඖෂධ මෙරටට ආනයනය කිරීම සහ රහස්‍ය සංවේදී NMRA නිල ලේඛන මාලාවක් ඉරා දැමීමේ චෝදනා සම්බන්ධයෙන් NMRA අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණයක් මත වෛද්‍ය විජිත් ගුණසේකර මහතා ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් මීට පෙර ඉවත් කරනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval