
පොලිසියක ස්ථානාධිපති තනතුර හොබවන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු පදියතලාව ප්‍රදේශයේ නිවෙසක කාන්තාවක සමග කාමරයක සිටියදී හසුවීමෙන් ඔවුන් දෙදෙනාට මෝල් ගසකින් පහරදී තුවාල කළ බව කියන කාන්තාවගේ සැමියා වන හමුදා සෙබළා පෙරේදා (4) සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගණ, පොලිසිය සදහන් කරයි.
මහියංගණය පොලිසියට පැමිණ භාරවීමෙන් පසු මෙම සෙබළා සැකපිට අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාර දුන් බව මහියංගනය පොලිසිය පැවැසීය.අත්අඩංගුවට ගත් සෙබළා දියතලාව යුද හමුදා කඳවුරේ සේවය කරන අවුරුදු හතළිස් හයක් වයස අයකු බව පොලිසිය සඳහන් කරයි.
මෝල්ගස් පහර කෑ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ සැකකරුගේ බිරිඳ මහියංගණය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පොලිස් නිලධාරියා වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. කාන්තාවකගේ නිවෙසට ඇතුළු වී ඇයත් සමග කාමරයක සිටි බව කියන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරීන් විනය පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ද දැනගැනීමට ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
Comments
Post a Comment
Your comment will be visible after approval