
මාපනවතුර ප්‍රදේශයේ පිහිටි මහනුවර ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකුට අයත් නිවසකට ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් රැගෙන ගොස් ව්‍යාපාරිකයා සතු මුදල් කොල්ල කෑමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරීන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් හය දෙනකු මහනුවර පොලිසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.
ව්‍යාපාරිකයාගේ නිවසේ ව්‍යාජ මුදල් නෝට්ටු ඇති බවට පවසමින් සැකකාර පොලිස් නිලධාරීන් ඇතුළු පිරිස එම නිවසට ගොස් ඇති අතර එය පදනම් කර ගනිමින් ප්‍රශ්න කිරීම සඳහා ව්‍යපාරිකයා ද අත්අඩංගුවට ගෙන ඇත.
සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන මහනුවර පොලිසියේ හදිසි ඇමැතුම් අංශයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයා රාජකාරි අවසරය ලබාගෙන අදාළ ස්ථානයට ගොස් තිබෙන බව පොලිස් පරීක්ෂණ මගින් අනාවරණය වී ඇත.
අත්අඩංගුවේ පසුවන අනෙක් පොලිස් නිලධාරියා කොළඹ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකි. ඔහු කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලිපිකරුවකුද සිටින බව වාර්තා වේ.
නමුත් සැකකරුවන් ප්‍රකාශ කරන්නේ ව්‍යාජ මුදල් නෝට්ටු ව්‍යාපාරිකයා සතු බවය. නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරන ව්‍යාපාරිකයා අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරීන් දෙදෙනා ඇතුළු පිරිස ව්‍යාජ මුදල් නෝට්ටු රැගෙන තම නිවසට පැමිණ තමන් සතු මුදල් කොල්ලකෑමට උත්සාහ කළ බවත් තමන්ට චෝදනා කරන බව සැකකරුවෝ පවසති.
මෙයට සතියකට පමණ ඉහතදී තමන් සතු නිවසක් රුපියල් කෝටි 06ක මුදලකට විකුණූ බවත් එම මුදල්වලින් රුපියල් ලක්ෂ 85ක මුදලක් තමන් සන්තකයේ තිබූ බවත් ව්‍යාපාරිකයා පොලිසියට පවසා ඇත.
තම නිවසට පෙරේදා (15 වැනිදා ) පස්වරු 6.00ට පමණ පැමිණි පිරිස නිවසේ ව්‍යාජ මුදල් නෝට්ටු තිබෙන බවට තොරතුරක් ලැබුණු බව කියමින් නිවස පරීක්ෂා කළ බවත් ඔවුන් සන්තකයේ තිබූ ව්‍යාජ නෝට්ටු තොගයක් තම සැබෑ මුදල්වලට මාරු කිරීමට එම පිරිස උත්සාහ කරත්දී තමන් ඊට ඉඩ නොදුන් නිසා පොර බැදීමක් සිදුවූ බවත් ව්‍යාපාරිකයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
එමෙන්ම අදාළ නිවසේ තිබී ව්‍යාජ මුදල් සොයා ගැනීමෙන් පසු හදිසි ඇමැතුම් අංශයේ පොලිස් කොස්තාපල්වරයා සැකකරුවකු රැගෙන යාම සඳහා වාහනයක් එවන ලෙස පොලිසියට දැනුම් දීමක්ද කර තිබෙන අතර
ඒ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාත්මක වී මහනුවර පොලිස් මූලස්ථානාධිපතිවරයා ඔහුගේ නිල වාහනය අදාළ ස්ථානයට යැවීමට පියවර ගෙන තිබේ.
කෙසේ වෙතත් ව්‍යාපාරිකයාගේ නිවසේදී සිදු වූ පොර බැඳීමෙන් පසුව ඇති වූ නොසන්සුන්තාව සමග මොහු මෙම දුරකතන ඇමැතුම ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් පොලිසියට බරපතළ සැකයක් මතුව ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අදාළ නිවසට රැගෙන ගිය බවට සැක කෙරෙන රුපියල් 5000 ව්‍යාජ නොට්ටු 103ක් සහ ව්‍යාපාරිකයා සතු බව කියන රුපියල් ලක්ෂ 60ක පමණ මුදලක් අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී පොලිසිය සොයාගෙන ඇත.
අදාළ නිවසේ සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ දත්ත පටිගත වන කොටස සැකකරුවන් ගලවාගෙන ගොස් තිබෙන බව විමර්ශන මගින් අනාවරණය වී ඇත.
(කමල් සුරවීර - මහනුවර)
Comments
Post a Comment
Your comment will be visible after approval