hambantota-phisio-nabbed

කලක සිට හම්බ­න්තොට ඇතුළු ප්‍රදේශ රැස­ක­ටම අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවා­ර­මක නිරත වු හම්බ­න්තොට මහ රෝහලේ සේවය කළ භෞත­චි­කි­ත්ස­ක­ව­රයා මේ මස 20වැනි දින දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස හම්බ­න්තොට මහේ­ස්ත්‍රාත් හා අති­රේක දිසා විනි­සුරු ඕෂධ මිගාර මහ­ආ­රච්චි මහතා පෙරේදා(06) නියෝග කෙරිණි.

මෙලෙස රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කෙරුණේ හම්බ­න්තොට මහ රෝහලේ භෞත­චි­කි­ත්ස­ක­ව­ර­යකු ලෙස සේවය කරන සූරි­ය­වැව, පොළ පහළ පදිං­චි­ක­රු­වෙකි.

හම්බ­න්තොට ප්‍රදේ­ශයේ සිදු වන අයිස් මත්ද්‍රව්‍ය ජාවා­ර­මක් පිළි­බ­ඳව තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒක­ක­යට ලද තොර­තු­ර­කට අනුව හම්බ­න්තොට සාමෝ­දා­ගම ප්‍රදේ­ශයේ කළ වැට­ලී­ම­කදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 570ක් සමඟ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනී­මට ඒක­කයේ නිල­ධා­රීන් සමත් වී තිබේ. එහිදී අත්අ­ඩං­ගු­වට පත් පුද්ග­ල­යා­ගෙන් කළ ප්‍රශ්න කිරී­මේදී සැක­කරු පවසා ඇත්තේ හම්බ­න්තොට මහ රෝහලේ භෞත­චි­කි­ත්ස­ක­ව­රයා විසින් අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරින බවයි.

ඒ අනුව අදාළ භෞත­චි­කි­ත්ස­ක­ව­රයා නවා­තැන් ගෙන සිටි හම්බ­න්තොට තාව­කා­ලික නවා­තැන පරීක්ෂා කිරී­මේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04යි මිලි ග්‍රෑම් 500ක් සමඟ සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. සැක­කරු කලක පටන් මේ ජාවා­රම කර­ගෙන ගොස් ඇති බව මූලික විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණ­යවී ඇත්තේ. සැක­කරු දිගින් දිග­ටම මේ ජාවා­රම කිරීම නිසා සැක­ක­රුගේ බිරි­යද සැක­ක­රු­ගෙන් වෙන්ව ජීවත්ව සිටින බවද අනා­ව­ර­ණය වී තිබේ. සැක­කරු හම්බ­න්තොට, අම්බ­ල­න්තොට, සූරි­ය­වැව, තිස්ස­ම­හා­රාම හා ඇඹි­ලි­පි­ටිය ප්‍රදේ­ශ­ව­ලට මේ අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීම කර තිබේ. සැක­කරු වැල්ල­ම්පි­ටිය පදිංචි පුද්ග­ල­ය­කු­ගෙන් මේ අයිස් මත්ද්‍රව්‍ය තොග වශ­යෙන් ලබා ගන්නා බව මූලික ප්‍රශ්න කිරී­මේදි සැක­කරු පවසා ඇත. සැක­ක­රු­ගෙන් කළ මූලික ප්‍රශ්න කිරි­මේදී අයිස් මත්ද්‍රව්‍ය ජාවා­රම සම්බන්ධ තොර­තුරු රැසක් අනා­ව­ර­ණය වී ඇති අතර ඒ ඔස්සේ වැඩි­දුර පරී­ක්ෂණ සිදු කරයි.



තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී කේ.බී. කීර්ති­රත්න මහ­තාගේ උප­දෙස් පරිදි තංගල්ල කොට්ඨාස දූෂණ මර්දන ඒක­කයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක ජය­විර, පොලිස් සැර­ය­න්ව­රුන් වන

(70223) රසික, (71452) ඉන්දික, (72939) සංජය, (75587) අමිල හා

පොලිස් කොස්තා­ප­ල්ව­රුන් වන (84229) සමන්, (91504) සඳ­රු­වන් ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් විසින් මේ වැට­ලීම සිදු­කර සැක­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

සූරි­ය­වැව විශේෂ - නුවන් ජය­සේ­කර