
විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට වාර්තා නොකළ නිලධාරින්ට සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීමට රාජ්‍ය පරිපාලන අමත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව එම අමත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්නගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චක්‍රලේඛයක් මගින් මේ බව දන්වා ඇත.
එවැනි නිවේදන නිකුත් කළ යුතුව ඇති රාජ්‍ය සේවකයන් සැලකිය යුතු සංඛ්‍යාවක් සිටින බවත් එය නිසි පරිදි ගණන් බලා නොමැති බවත් ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් එස්. ආලෝක බණ්ඩාර පැවසීය.
ආයතන සංග්‍රහය අනුව විධිමත් නිවාඩු අනුමැතියකින් තොරව සේවයට එක් දිනක් හෝ වාර්තා නොකර සිටින්නේ නම් එම නිලධාරියා සේවය ඇතහැර ගියා සේ සැලකිය හැකිය.
එලෙස නීතියේ තිබුණ ද සේවකයන් සහ නිලධාරින් ගැන සිතා සේවයට නොපැමිණීමට හේතු දැක්වීම සඳහා සාධාරණ අවස්ථාවක් ලබා දී ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
චාමර පල්ලේගෙදර
Comments
Post a Comment
Your comment will be visible after approval