
උතුරු අප්‍රිකානු දූපත් රාජ්‍යයක් වන මෝල්ටාවේදී සිදු කළ අපරාධ ක්‍රියාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෝල්ටාවේ වාසය කරමින් සිටි මෙම ශ්‍රී ලාංකිකයා සිය හිටපු පෙම්වතිය දූෂණය කිරීමේ චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඇයගේ කැමැත්තට එරෙහිව ඇයව රඳවා තබා ගැනීම, එකඟ නොවන ලිංගික ක්‍රියාවකට ඇයව ලක් කිරීම, හිරිහැර කිරීම, ප්‍රචණ්ඩත්වය හා බිය ඇති කිරීම, ලුහුබැඳීම, අපහාස කිරීම,
තර්ජන කිරීම සහ විද්‍යුත් සන්නිවේදනය අනිසි ලෙස භාවිතා කිරීම ද චෝදනාවලට ඇතුළත් විය.
චූදිත ශ්‍රී ලාංකිකයා වරද පිලිගෙන නැති අතර ජූරි සභාවක් මගින් නඩු විභාගයක් පැවැත්විය හැකි බවත්
මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නඩුව ගෙනයාමට නීතිපතිවරයා එකඟ නොවන බවත් ප්‍රකාශ විය.
නඩු විභාගයේ මුල් අදියර පැවතීමත්, වින්දිතයා තවමත් සාක්ෂි නොදී සිටීම සහ සාක්ෂි විකෘති කිරීමේ හෝ මෝල්ටාවෙන් පලා යාමේ අවදානම හේතුවෙන් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප විය.
සැකකරු වින්දිතයාගේ වාහනයේ ලුහුබැඳීමේ උපකරණයක් සවි කර ඇති බව පැමිණිල්ලේ දැක්විණි.
ශ්‍රී ලාංකිකයා වෙනුවෙන් පෙනී සිටි විත්ති පාර්ශ්වය තර්ක කළේ සිද්ධියෙන් මාසයකට පමණ පසු ස්ත්‍රී දූෂණ චෝදනාවක් ගොනු කර ඇත්තේ අධිකරණය නොමග යවමින් බවයි.
Gżira හි පදිංචි ශ්‍රී ලාංකික මතිහුල් අක්මාල් මොහොමඩ් ජාබීර් මෙම චෝදනාව නිසා අත්අඩංගුවේ පසුවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval