aswesuma-fake-nabbed

අසත්‍ය තොර­තුරු ලබා දී අස්වැ­සුම ප්‍රති­ලාභ ලබා ගන්නා පුද්ග­ල­යන් සම්බ­න්ධ­යෙන් නීතිය ක්‍රියා­ත්මක කිරීම සඳහා විශේෂ වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කරන බව සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලය පව­සයි. ඊට අදාළ චක්‍ර­ලේ­ඛය සියලු දිස්ත්‍රික් ලේක­ම්ව­රුන් වෙත සහ ප්‍රාදේ­ශීය ලේක­ම්ව­රුන් වෙත නිකුත් කර ඇති බව සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩ­ලයේ සභා­පති ජයන්ත විජේ­රත්න මහතා පව­සයි.

මේ සම්බ­න්ධ­යෙන් ප්‍රති­ලාභ ලබා ගැනීම සඳහා දී ඇති තොර­තුරු සම්පූ­ර්ණ­යෙන්ම හෝ කොට­සක් හෝ අසත්‍ය බවට අනා­ව­ර­ණය වුව­හොත් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කිරී­මට 2002 අංක 24 දරන සුබ­සා­ධක ප්‍රති­ලාභ මණ්ඩල පනත යටතේ ප්‍රති­පා­දන ඇති බව ද ඒ මහතා සඳ­හන් කරයි.


අසත්‍ය තොර­තුරු ලබා­දී­මක් පිළි­බඳ දැනු­වත් වීමක් සිදු­වු­ව­හොත් නිල­ධාරී කණ්ඩා­ය­මක් යොදවා පරී­ක්ෂණ පැවැ­ත්වී­මට දිස්ත්‍රික් ලේක­ම්ව­ර­යාට හෝ අති­රේක සුබ­සා­ධක ප්‍රති­ලාභ කොම­සා­රි­ස්ව­ර­යාට බලය පවරා තිබේ. එම පරී­ක්ෂ­ණ­යේදී ඉදි­රි­පත් කර ඇති තොර­තුරු අස­ත්‍යය ද? ඒවා හිතා­මතා ඉදි­රි­පත් කර තිබේ ද? යන්න ලබා දී ඇති ලිය­කි­ය­විලි අනුව සොයා බැලිය යුතු අතර එහි ප්‍රති­ඵල තමා වෙත වාර්තා කළ යුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

අසත්‍ය තොර­තුරු මත පද­නම්ව ප්‍රති­ලාභ හිමි­ක­ර­ගෙන ඇති බව අනා­ව­ර­ණය වුව­හොත් අදාළ ප්‍රති­ලාභී තැනැත්තා ප්‍රති­ලාභ ලබා නැති නම් ලැයි­ස්තු­වෙන් ඉවත් කිරීම, දැනට ලබා ගන්නේ නම් ප්‍රති­ලාභ අත්හි­ටු­වීම, ඒවා නැවත අය කර ගැනීම යන ක්‍රියා­මා­ර්ග­ව­ලට අව­තීර්ණ වන බව ද සභා­ප­ති­ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි.