Mexico-authorities-find-three-bodies-in-search-for-tourists

මෙක්සිකෝවේ බජා කැලිෆෝනියා ප්‍රදේශයේදී අතුරුදන් වූ  බව කියන ඕස්ට්‍රේලියාවේ සහ ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරකයින් තිදෙනෙකුගේ මළ සිරුරු හඳුනාගෙන තිබේ. මළ සිරුරු ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට පැමිණි සහෝදරයන් දෙදෙනකුගේ සහ සැන් ඩියාගෝ ප්‍රදේශයේ පුද්ගලයකුගේ බව තහවුරු විය. ඔවුන් අප්‍රේල් 27 වනදා අතුරුදහන් වන විට නිවාඩුවක් ගත කිරීමට කඳවුරු බැඳගෙන රළ පැදීමේ නිරතව සිට ඇත. ලා බොකානා වෙරළ ආසන්නයේ ජල වළක තිබී හිසට වෙඩි වැදී තුවාල සහිතව මළ සිරුරු සොයාගෙන ඇත.
මෙය මිනීමැරුම් බවට හෙළිවීමෙන් පසු ඒ සම්බන්ධ පරීක්ෂණ ක්‍රියාත්මක විය.
සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් අයෙකුට ගොදුරු වූවන්ගේ පිකප් ට්‍රක් රථය කොල්ලකෑමට උත්සාහ කිරීමෙන් පසු බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

අනෙක් සැකකරුවන් දෙදෙනාට මෙතම්ෆෙටමින් නමැති මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ චෝදනාව එල්ල වී ඇත.
 මියගිය අයගේ පවුල් විසින් සිරුරු හඳුනාගනු ලැබ ඇත. එන්සෙනඩාට දකුණින් දුරස්ථ ප්‍රදේශයක පිළිස්සුණු කෑම්පින් උපකරණ  අසල මළ සිරුරු හමු වූ අතර එහිදී ලේ පැල්ලම් සහ ෂෙල් ආවරණයක් සොයා ගන්නා ලදී. මියගිය පුද්ගලයින්ගේ පිකප් ට්‍රක් රථය ද ඒ අසලම පිළිස්සී තිබී හමුවී ඇත.

මෙක්සිකානු බලධාරීන් මෙම ඝාතන සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලිවල සම්බන්ධය ප්‍රතික්ෂේප කර ඇති අතර,කිසියම් පිරිසක් පිකප් ට්‍රක් රථය අල්ලා ගැනීමේ උත්සාහයක් නිසා සිදුවූවක් විය හැකි බව ප්‍රකාශ කළේය. සැකකරුවන් තවදුරටත් අත්අඩංගුවේ පසුවන අතර, සිද්ධියට අදාළව තවත් අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමට නියමිතය.