
මධ්‍යම පළාතට අයත් වාහනයක් සබරගමුව පළාතේ ධාවනය කළ පුද්ගලයෙකු නවතා ඔහු වරදක් කර ඇති බව දක්වමින් දඩ කොළයක් ලියන කාන්තා පොලිස් නිලධාරිනියක සමග ඇතිවූ සංවාදයක් අන්තර්ජාලය තුළ පළවීමෙන් පසු එහිදී නිලධාරිනිය හෙළිකරන ඇතැම් සාවද්‍ය කාරණා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි හෙළි කරයි.
කෑගල්ල පිංදෙණිය පොලිසියට අනුයුක්ත කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක මෙහිදී රියදුරු හා සංවාදයක නිරතවන අතර ඇය පවසන්නේ වෙනස් පළාතක ලියාපදිංචි මෙම වාහනය වාහනයේ ලියාපදිංචි හිමිකරු නොවන පුද්ගලයෙකු රැගෙනයාම 'හිමිකම් පැවරීම' සම්බන්ධ දෝෂයක් මතුකර ඇති බවයි.
නමුත් රියදුරු තර්ක කරන්නේ තමන්ගේ හිතවතෙකුගේ වාහනය තමා රැගෙන යන බව කියමිනි.
පිංදෙණිය ප්‍රදේශයේදී වාහනය නවතා දඩකොළ ලියන සිදුවීම ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය වීඩියෝ පටය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෑගල්ල දිසාවේ උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේය.
සංවාදය ජංගම දුරකතනයෙන් වීඩියෝ කරගෙන සමාජ මාධ්‍යට මුදාහැරීමෙන් පසු විවිධ විවේචනයන්ට ලක්ව පවතින්නකි.
අදාළ වීඩියෝ පටය පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval