
වේයන්ගොඩ පොලිස් ස්ථානයේ දූෂණ මර්දන අංශයට ලද තොරතුරක් මත, සැකකාර ගුරුවරිය සහ ඇගේ මව නිට්ටඹුව මල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනිණි. සැකකාරියන් දෙදෙනා පරීක්ෂාවට ලක් කිරීමේදී පාසල් ගුරුවරිය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 2,300ක් සහ ඇගේ මව සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 4,500 ක් සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.
සැකකාර පාසල් ගුරුවරිය තවත් පුද්ගලයන් යොදවා හෙරොයින් ග්‍රෑම් 1, මිලි ග්‍රෑම් 500 බැගින් වූ පැකට් සාදා නිට්ටඹුව, තිහාරිය, මල්වත්ත, කොරසේ ඇතුළු ප්‍රදේශවල ඉතා සූක්ෂම අයුරින් සඟවා, ඊසි කෑෂ් ක්‍රමය යටතේ මුදල් ලැබුණු පසු හෙරොයින් සැඟවූ ස්ථාන ගැනුම්කරුවන්ට පවසන බව විමර්ශන වලදී හෙළි වී ඇත.
කුඩු සඟවන ලද ස්ථාන පිළිබඳව සටහන් තැබූ සටහන් පොතක් සහ ජාවාරම් සඳහා යොදාගත් යතුරු පැදියක් ද වේයන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සැකකාර ගුරුවරියගේ පියා වේයන්ගොඩ ප්‍රදේශයේ නම ගිය කුඩු ව්‍යාපාරිකයකු බවත්, දින කිහිපයකට පෙර ඔහු හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා මත බෙම්මුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන, රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් පොලිසිය පවසයි.
පුෂ්පකුමාර මල්ලවආරච්චි
Comments
Post a Comment
Your comment will be visible after approval