vehicle-importing-facilities-issue

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් හට පූර්ණ විද්‍යුත් වාහන බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමයේ කාලය 2024 සැප්තැම්බර් 30 දක්වා දිගු කිරීමට අවසර ලබා නොදෙන බව මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඊට අදාළ නිලධාරින් මෙම කාරක සභාව හමුවට කැඳවූ අවස්ථාවේදී සභාපතිවරයා මේ බව පැවසීය.


රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක එහිදී මෙසේ පැවසීය.

“2024 ජනවාරි 24 වැනිදා ගහපු මේ ගැසට් එකේ සුපිරි මොටර් රථ බද්ධ තියෙනවා ඉලෙක්ට්‍රික් වාහනවලට රුපියල් මිලියන 6ක් කියලා. ඒ කියන්නේ මිලියන 6ට වැඩි අයට තමයි ටැක්ස් එක ගෙවන්න වෙන්නේ. ඒක මිලියන 6 සිට මිලිය 12 දක්වා වැඩි කරන්න කැබිනට් පත්‍රිකාවකින් ඉල්ලලා තියෙනවා. ඒක කැබිනට් එක අනුමත කරලා තියෙනවා. ඒක ඉල්ලලා තියෙන්නේ විදේශගත ශ්‍රමිකයන්ට පර්මිට් එකක් ලබා දෙන්න. එතක කොන්දේසියක් තියෙනවා අමෙරිකානු ඩොලර් 20,000ට වැඩියෙන් රටට එවන්න ඕනෑ කියලා.




රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා - මේකේ ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා. ඔබතුමා කිව්වා මිලියන 6 මිලියන 12 කරනවා කියලා.


භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.කේ සෙනෙවිරත්න- ගිය අවුරුද්දේ මේක මිලියන 12ක් දක්වා වැඩි කළා. ඒක දිගු කිර්මක් මේකෙන් වෙන්නේ.


කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒ අනුව ඉල්ලලා තියෙන තොරතුරු මුදල් අමාත්‍යාංශට තියෙනවාද? දැන් විනිවිද භාවයක් අවශ්‍යයි. දූෂණ වංචා නවත්වන්න තමයි විනිවිද භාවය ගෙනාවේ. විනිවිද භාවයේ එකක් තමයි කාටද මේවා දුන්නේ කියලා ප්‍රසිද්ධ කරන එක.


රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක - අපි පබ්ලිෂ් කරලා තියෙන්නේ දිනය, නම, වාහන වර්ගය, බ්‍රෑන්ඩ් එක, මොඩල් එක, අවුරුද්ද, සී.අයි. එෆ් වැලිව් එක, එච්.එස්. කෝඩ් එක, එයා ගෙවන්න කොච්චර තිබුණද කියලා.


කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - බොහෝ චෝදනා අපිට ලිඛිතව ඉදිරිපත් කරලා තියෙනවා ලොකු වාහන ගෙනත් තියෙනවා කියලා, මේ වගේ වටිනාකම මිලියන 100යි, මිලියන 120යි, මිලියන 160යි යනාදී වශයෙන්. එතකොට කොහොමද සාමාන්‍ය රැකියාවක් කරන අය මෙච්චර වටිනාකමක් තියෙන වාහන ගෙනාවේ? කවුද මේවා ගෙනාවේ? කොහොමද ඒ අයට මෙච්චර සල්ලි ලැබුණේ? මේ වගේ වාහනයක ඇවරේජ් කොස්ට් එක කීයද? අපි මේක අනුමත කරන එක කල් දානවා.

ඒ වගේම මේක ජෙනුවින්ද නැද්ද කියලා අපිට බලන්න වෙනවා.


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. F ආර්. වොල්ගා - ඩොලර් 20,000සිට ඩොලර් 120,000ක් දක්වා යන පරතරයේ තියෙනවා. කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒ කියන්නේ ඩොලර් 120,000ටත් වාහන ගෙනත් තිබෙනවා. ඒ අනුව මේවා විකුණන්නේ මිලියන 150යි, 160යි වගේ වටිනාකම්වලට. ඒ කියන්නේ ඩොලර් ලක්ෂයක වාහනයක් ගන්නවා නම් ඩොලර් ලක්ෂ 2ක් එවන්න ඕනෑ. ඩොලර් ලක්ෂ 2ක් එවන්නේ කොහොමද සාමාන්‍ය රැකියාවක් කරන පුද්ගලයෙක්?


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. ආර්. වොල්ගා - සාමාන්‍ය රැකියාවක් කරන අය නෙවෙයි. බොහෝ වෙලාවට දකින්න ලැබුනේ එක්ලෝයිමන් සහතිකයක් ගෙන්වා ගන්නවා. ෆයිනෑන්ස් මැනේජර්, කන්සල්ටන්,

පෝස්ට්වලට ගිය අය තමයි. ගොඩක් ගෙන්වලා තියෙන්නේ.


කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - මට දැනගන්න ඕනෑ මේ ක්‍රමවේදය හරහා බලාපොරොත්තු වුණේ කුමක්ද, බලාපොරොත්තු වුණු ඉලක්කය ඉෂ්ට වුණාද නැද්ද? මම හිතන්නේ මේකට විශ්ලේෂණයක් අවශ්‍ය වෙනවා. සති දෙකක් තුළ සම්පූර්ණ විශ්ලේෂණ වාර්තාවක් දෙන්න. උදාහරණයක් විදියට මිලියන 150යි කියලා කියමුකෝ වාහනේ. මම එයාට කියනවා බී.එම්.ඩබ්ලිව් එකක් හරි වෙන වාහනයක් හරි ගන්න ඕනෑ කියලා. මම රුපියල් මිලියන 150ක් එයාට දෙනවා. එයා ගාව පර්මිට් එකක් තියෙනවා. පර්මිට් එක ලොකු වාහනයකට රුපියල් මිලියන 11යිලු. එයා විකුණන්න පුළුවන්නේ? ඒවා ලීගල්ද?


කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ඩී. ආර්. වොල්ගා - ඔව් ලීගල් කරලා තියෙන්නේ. කාරක සභාවේ සභාපති පා.ම. ආචාර්ය හර්ෂ ද සිල්වා - ඒ කියන්නේ පර්මිට් එක විකුණන්න බෑ, වාහනය විකුණන්න පුළුවන්.
දිනේෂ් සමරකෝන්