udawalawe-incident

උඩ­ව­ලව පොලිස් වසමේ කොළ­ඹ­ගෙ­ආර කෝමා­රික කලු­මු­ක­ලාන ප්‍රදේ­ශයේ නි‍ෙව­සක් තුළ ඇඳක් මත පිලි­ස්සුම් තුවාල ලබා මිය­ගිය පුද්ග­ල­යෙ­කුගේ මළ සිරු­රක් පෙරේදා (16) සොයා ගත් බවත්, එම මර­ණ­යට සැක­පිට මිය­ගිය අයගේ පුතු හා මිය­ගිය අයගේ බිරිය සැක­පිට අත්අ­ඩං­ගු­වට ගත් බවත් උඩ­ව­ලව පොලි­සිය පැව­සීය. උඩ­ව­ලව, කොළ­ඹ­ගෙ­ආර, කලු­මු­ක­ලාන පදිංචි පති­ර­ණගේ අජිත් විජේ­රත්න නොහොත් පොඩි අප්පු නැමැති හත­ළි­ස්අට හැවි­රිදි එක්දරු පියෙකු එසේ මිය­ගොස් ඇත.

මිය­ගිය තැනැත්තා පදිංචි නිවෙස ඉදි­රි­පිට මිය­ගිය තැනැ­ත්තාගේ බිරිය විසින් වෙළෙ­ඳ­ස­ලක් පව­ත්වා­ගෙන යන බවත් එම වෙළෙ­ඳ­ස­ලට මිය­ගිය අය එදින හිමි­දි­රියේ ඇතු­ළුව වෙළෙඳ භාණ්ඩ­ව­ලට හානි සිදු­කර ඇති බවට මිය­ගිය අයගේ බිරිය විසින් පොලි­සි­යට ප්‍රකා­ශ­යක් ලබාදී ඇතැයි පොලි­සිය පව­සයි.



ඉන් අන­තු­රුව මිය­ගිය පුද්ග­ලයා සිය නි‍ෙවසේ කාම­ර­යක් තුළට ගොස් ශරී­ර­යට පෙට්රල් හලා­ගෙන ගිනි තියා­ගෙන ඇති බවත් පුත්‍රයා හා තමන් එක්ව ජලය දමා ගින්න නිවා දමා ඇතත් ඒ වන­වි­ටත් එම පුද්ග­ලයා මිය­ගොස් ඇති බවට එම ප්‍රකා­ශ­වල වැඩි­දු­ර­ටත් සඳ­හන් බව පොලි­සිය පව­සයි.

මිය­ගිය තැනැ­ත්තාගේ මළ සිරුර ඇඳෙහි උඩු බැලි අතට වැටී තිබුණු අතර ඇඳෙහි මේට්ටය හා කොට්ටය පිලිස්සී තිබුණි. එම කාම­ර­යට ගින්නෙන් හානි­යක් සිදුවී නොති­බුණ අතර එම කාම­ර­යෙහි බිම ලයි­ට­ර­යක් භුමි­තෙල් වහ­නය වන භාජ­න­යක් තිබුණු බවත් එම මර­ණය සැක­ස­හිත බව පොලි­සිය සඳ­හන් කරයි. ඇඹි­ලි­පි­ටිය මූල­ස්ථාන පොලි­සියේ අප­රාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒක­කයේ නිල­ධා­රීන් එම ස්ථාන­යට පැමිණ පරී­ක්ෂණ කට­යුතු සිදු කළ අතර එදින පස්ව­රුවේ ඇඹි­ලි­පි­ටිය මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ අති­රේක මහේ­ස්ත්‍රාත් දිලුම් යූ ප්‍රනාන්දු මහතා විසින් එහි මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂණ කට­යුතු සිදු කරනු ලැබීය.



එහිදී මහේ­ස්ත්‍රා­ත්ව­රයා ඉදි­රියේ මිය­ගිය අයගේ සහෝ­ද­රි­යක් පවසා ඇත්තේ එම මර­ණය සැක­ස­හිත මර­ණ­යක් බවයි. ඒ පිළි­බඳ ප්‍රකා­ශ­යක් ඉදිරි දිනක දී උඩ­ව­ලව පොලි­සි­යට ලබා­දෙන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා එම තැනැ­ත්ති­යට නියෝග කර ඇත. මිය­ගිය පුද්ග­ල­යාගේ මෘත දේහය ඇඹි­ලි­පි­ටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන ගොස් එහි අධි­ක­රණ විශේ­ෂඥ වෛද්‍යවර­යකු වෙත යොමු­කර එහි පශ්චාත් මරණ පරී­ක්ෂණ වාර්තා­වක් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස මහේ­ස්ත්‍රා­ත්ව­රයා එහිදී පොලි­සි­යට නියෝග කර ඇත.

ඒ අනුව එම මෘත දේහය පොලි­සිය විසින් ඇඹි­ලි­පි­ටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යනු ලැබිණි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­ක­රු­වන් ඇඹි­ලි­පි­ටිය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව තිබුණු අතර උඩ­ව­ලව පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක තිස්ස බණ්ඩාර මහ­තාගේ උප­දෙස් මත ඉදිරි පරී­ක්ෂණ සිදු කරති.

ඇඹි­ලි­පි­ටිය  කසුන් දර්ශන සම­ර­වීර