keheliya-vehicles

බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න කාලයක් ගත වී ඇතත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවුලේ සාමාජිකයන් විසින් අවභාවිත කරන හෙයින් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් 'අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය’ සංවිධානයේ සභාපති කාමන්ත තූෂාර මහතා අල්ලස් කොමිසමට ඊයේ (17දා) පැමිණිල්ලක් කළේය.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට දුන් නිල වාහනවලට අමතරව ඔහුට රජයෙන් දුන් විජේරාම මාවතේ පිහිටි නිල නිවසද ම

ේ වන තෙක් රජයට භාර නොදී ඔහුගේ දූ දරුවන් විසින් අවභාවිත කරන බව පෙන්වා දෙන ජාමුනි කාමන්ත තුෂාර මහතා මෙමඟින් විශාල මහජන මුදලක් විනාශ වන බවද පෙන්වා දී ඇත. බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙළිය රඹුක්වැල්ල බැලීමට ඔහුගේ පවුලේ සාමාජිකයන් බන්ධනාගාරයට පැමිණෙන්නේද සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තාට දුන් එම නිල වාහනවලින් බව කාමන්ත තූෂාර මහතා පෙන්වා දී ඇත.

රාජ්‍ය දේපළ අවභාවිත කිරීම අල්ලස් පනත යටතේ විග්‍රහ කෙරෙන දූෂණය යටතේ වන වරදක් යැයිද මහජනතාවගේ බදු මුදල්වලින්  නඩත්තු වන අමාත්‍යවරුන්ට ලබාදුන් රාජ්‍ය දේපළ මෙලෙස අවභාවිත කිරීමෙන් රජයට වු අලාභය ගණනය කරන්නැයිද ඉල්ලා සිටින කාමන්ත තූෂාර මහතා රාජ්‍ය දේපළ අවභාවිත කළ අයගෙන් රජයට වූ අලාභය යළි අයකර ගැනීමට කටයුතු කරන්නැයිද ඉල්ලා සිටී.ස

ෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිහුද හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව මෙම චෝදනාවට එල්ල කරමින් රාජ්‍ය නිලධාරියෙකු රක්ෂිත බන්ධනාගාරගත කළ විට ඔහුට ලැබී තිබූ වරප්‍රරසාද සියල්ල වහාම අහෝසි වන නමුත් කෙහෙළිය රඹුක්වැල්ලට පමණක් බලධාරීන් විශේෂ සැලකිල්ලක් දක්වන්නේ ඇයි දැයි ප්‍රශ්න කරති.

බුද්ධිමාල් රුබේරු