
දශක දෙකක් බලයේ රැඳී සිටින තුර්කි ජනාධිපති රිසෙප් තායිප් අර්ඩොගන් එරට ප්‍රධාන විරුද්ධ පක්ෂය හමුවේ පළාත් පාලන මැතිවරණ පරාජයකට ලක්විය. තුර්කියේ ප්‍රධාන නගර දෙකක් වන ඉස්තාන්බුල් සහ අන්කාරා යන ප්‍රධාන නගරවල පැවති පරිපාලන මැතිවරණයෙන් එරට ප්‍රධාන විපක්ෂය වන රිපබ්ලිකන් මහජන පක්ෂය ආසන 36ක් ජයගෙන ඇති අතර දශක දෙකකට වැඩි කාලයක් බලයේ සිටි එර්ඩෝගන් ආසන 24 කින් ඔහුගේ ඒකේ පක්ෂය ලද දරුණුතම පරාජයක් ලබා ඇත.
පසුගිය වසරේ ජනාධිපති ධූරයෙන් ජයග්‍රහණය කළ වහාම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා තම ආධාරකරුවන් එක්රැස් කිරීම ආරම්භ කළ එර්ඩොකාන් මෙතරම් ඉක්මණින් ජනතාවගේ අකමැත්තට බඳුන්වීම දේශපාලන විශ්ලේෂකයන්ගේ කතාබහට හේතුවී තිබේ.
"තුර්කියේ නව දේශපාලනයක් ස්ථාපිත කිරීමට ඡන්දදායකයින් තීරණය කළ බව මෙම මැතිවරණ ප්‍රතිඵලවලින් පෙනී යයි" යැයි CHP හි ප්‍රධානී Özgür Özel පැවසුවේ කඳුළු පිරි දෙනෙතින් මහජනයා අමතමිනි.
ආන්ඩුවට ලැබෙන සහයෝගය දුර්වල වී ඇති බව අර්ධ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලවලින් පෙන්නුම් කිරීමෙන් පසු දස දහස් ගණන් ජනයා පන්දම් දල්වා තුර්කි කොඩි ලෙළ දුන්හ.
"තුර්කි ජනතාව ඔවුන්ගේ ඇස් විවෘත කර, තුර්කියේ ආර්ථිකය, තරුණයින්ගේ අධ්‍යාපනය සහ අනාගතය ගැන සිතන අපේක්ෂකයින්ට ඡන්දය දී ඇත," 19 හැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු වන Ege Ersoz, Sarachane චතුරශ්‍රයේ AFP වෙත පැවසීය.



Comments
Post a Comment
Your comment will be visible after approval