
මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ස්වාතිපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයක් අතරතුර ඇතිවූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු රෝහල්ගත කර තිබෙයි.
පුදුකුඩිඉරිප්පු පොලීසිය පැවසුවේ ඊයේ (31) රාත්‍රියේ ස්වාතිපුරම් ප්‍රදේශයේ පැවති අවමංගල්‍ය උත්සවයකට යාපනයේ සිට පැමිණි මරණකරුගේ ඥාතීන් පිරිසක් හා ස්වාතිපුරම් ගම්මානයේ ඥාතීන් දෙපරිසක් අතර මෙම බහින්බස්වීම හටගෙන ඇති බවයි.
එහිදී මෙම බහින්බස් වීම දුරදිග ගොස් එය පහරදීමක් දක්වා වර්ධනය වී තිබෙයි.
මෙම පහර දී ගැනීමෙන් දෙපාර්ශවයේම 6 දෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් මුලතිව් මහ රෝහලට ඇතුළත් කර තිබෙයි.
එහිදී බරපතල තත්ත්වයේ පසු වූ අයෙක් යාපනය ශික්ෂණ රෝහලට මාරු කොට යවා ඇති බව වාර්තාවේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
Comments
Post a Comment
Your comment will be visible after approval