thisal-kithsara-de-silva-peradeniya-university

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ නීති අධ්‍යයන අංශයේ අවසන් වසරේ සිසුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත් තිබේ.

ඊයේ (01) සවස 2.20 ට පමණ එම අනතුර සිදුව තිබුණේ, පේරාදෙණිය පොලිස් වසමේ පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේදීය.

පොලීසිය පවසන්නේ, මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වූ  දුම්රියක මෙම සිසුවා ගැටී ඇති බවය.

එසේ මියගොස් ඇත්තේ, තල්පිටිය උතුර, වාද්දූව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි  තිසල් කිත්සර ද සිල්වා නමැති විශ්වවිද්‍යාල සිසුවෙකි.

අනතුර වන අවස්ථාවේ ඔහු  දුම්රිය ස්ථානයට දෙසට ගමන් කරමින් සිට ඇත්තේ සිය කන් දෙකෙහි ඉයර්ෆොන් උපාංගයක් රඳවාගෙන බවට සාක්ෂි හමුව ඇති අතර මේ හේතුවෙන් දුම්රිය එන ශබ්දය නොඇසී ඔහු අනතුරට පත්වන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.