Prasanna-Ranaweera-who-did-not-study-beyond-Sapel-criticized-for-wearing-the-graduation-gown

ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ (SLITA) 2024 ඩිප්ලෝමා ප්‍රධානෝත්සවයට උපාධි ලෝගුවක් හැඳ පැමිණි ප්‍රසන්න රණවීර රාජ්‍ය ඇමතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ උපහාසාත්මක ප්‍රතිචාර මතුව තිබේ.
පසුගිය 28 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවයට විශාල පිරිසක් සහභාගී වූ අතර සැබෑ ලෙස උපාධි හිමි පුද්ගලයින් අතර උපාධි රහිත කෙනෙකු වූ සහ විවිධ විනය විරෝධී හැසිරීම් සහ නොමනා කථාබස් නිසා විවේචනයට ලක්වූ අයෙකු මේ ආකාරයට ප්‍රධාන අමුත්තෙකු ලෙස

එක්වීමත් ඔහු තමන්ට අයත් නැති අභිමානයක් මවා පෑමත් විවේචනාත්මක ප්‍රතිචාර අතර තිබේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියට අනුව ප්‍රසන්න රණවීරගේ උපරිම අධ්‍යාපන සුදුසුකම ‘අපොස උසස් පෙළ“ පමණි.
ඔහුගෙන් ගුවන් විදුලි නාලිකාවක් කළ විමසීමකදී ප්‍රසන්න රණවීර පැවසුවේ තමන්ට උපාධියක් නොමැති බවයි.
එම සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක් වූ තමන්ට එහි සිටි සංවිධායකයින් උපාධි ලෝගුව පැළඳූ බව ඔහු කියා තිබේ.

අදාළ විවේචන හා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයේ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.