supreme-tv-tnl-collabaration

 ජනපති රනිල් වික්‍රමසිංහගේ සොයුරු ශාන් වික්‍රමසිංහට අයත්ව තිබෙන TNL මාධ්‍ය ජාලයට අයත් රූපවාහිනී හා ගුවන්විදුලි සංඛ්‍යාත රැසක් Supreme TV කළමනාකරණය යටතට පත්ව තිබේ. මෙය ‘උපායමාර්ගික සන්ධානයක්“ ලෙස සුප්‍රීම් ආයතනය හඳුන්වා තිබේ.
ඒ අනුව ඉදිරියේදී ඉසිර රේඩියෝව වෙනුවට සුප්‍රීම් රේඩියෝව ලෙස
TNL හි 89.1 සහ 89.3 MHz හි රේඩියෝ නාලිකා 'Supreme' ලෙස නැවත සන්නාමගත වී ඇත.

TNL රූපවාහිනී නාලිකාවේ නිල You tube නාලිකාව,TNL නිල facebook පිටුව,ඉසිර ගුවන්විදුලි facebook පිටුව යන සියල්ල  Supreme TV කළමනාකරණය යටතට පත්ව තිබේ.


Supreme TV ලෙස මේ දක්වා UHF 47, 49, 28,56 හා 32 සංඛ්‍යාත වලින් විකාශය වූ නාලිකාව එලෙස පවතින අතර එයට
TNL SUPREME සංඛ්‍යාත කිහිපයක් එක්වී ඇත. ඒ අතර
VHF 11  පිළියන්දල, VHF 11 කතරගම, VHF 04 මහනුවර හා UHF 21, 26 ඔස්සේ මේ දක්වා TNL රූපවාහිනී වැඩසටහන් විකාශයවූ නාලිකා තිබේ. මේ ඔස්සේ දැනට අයිපීඑල් තරග විකාශය කරමින් පවතී.
මේ වනවිට රූපවාහිනී නාලිකා දෙකක්, එක් ගුවන් විදුලි නාලිකාවක් සහ වෙනස් ඩිජිටල් නාලිකා තුනක් සහිත මාධ්‍ය ජාලයක් ලෙස Supreme TV මාධ්‍ය ආයතනය කටයුතු කරයි.