
වසර හතරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම වීමෙන් පෙරේදා (28) වැලිකඩ බන්ධනාගාරයේ 'R' වාට්ටුවට යොමු කළ ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (29) හදිසියේ ඇති වූ පපුවේ අමාරුවක් සහ බඩේ රුදාවක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත.
ඥානසාර හිමි ඊයේ (29) පෙරවරුවේ බන්ධනාගර රෝහල් වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර ඇති අතර, එයින් පසු අනාවරණය වූ මේ රෝගී තත්ත්වයන් මත උන් වහන්සේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.
බන්ධනාගාර රෝහලේ 4 වැනි වාට්ටුවේ රඳවා සිටින ඥානසාර හිමිගේ රෝගෙි තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව බන්ධනාගාර ආරංචි මාර්ග පැවසීය.
Comments
Post a Comment
Your comment will be visible after approval