ranga-dias-fake-findings

කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකයක් සොයාගත් බවට ප්‍රකාශ කළ ශ්‍රී ලාංකික භෞතික විද්‍යාඥයකු වන රංග ඩයස් මහතාගේ කොන්ත්‍රාත් කාලය අවසන් වීමට ප්‍රථම ඔහු මහාචාර්යවරයකු ලෙස සේවය කරන රොචෙස්ටර් විශ්වවිද්‍යාලයෙන් ඉවත් කිරීමට එම විශ්වවිද්‍යාලය සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කළේය.
ඔහු, කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකයක් සොයා ගැනීමට පාදක වූ බවට ප්‍රකාශ කළ පර්යේෂණය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු සහ දත්ත ලබා දෙමින් වෙනත් අයකුගේ පර්යේෂණ දත්ත සොරාගෙන ඇතැයි විමර්ශනයකින් හෙළි වීම හේතුවෙන් රොචෙස්ටර් විශ්වවිද්‍යාලය මෙලෙස රංග ඩයස් මහතා සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වන බව නේචර් සඟරාව වාර්තා කළේය.




රංග ඩයස් මහතා සිය පර්යේෂණය සම්බන්ධයෙන් එලෙස අසත්‍ය තොරතුරු ලබා දෙමින්, විද්‍යාත්මක විෂමාචාරයක් කර ඇතැයි නේචර් සඟරාව සඳහන් කළේය. රංග ඩයස් මහතාගේ පර්යේෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා රොචෙස්ටර් විශ්වවිද්‍යාලය පත්කළ ස්වාධීන විද්‍යාඥයන් කණ්ඩායමේ අවසන් විමර්ශන වාර්තාව උපුටා දක්වමින් නේචර් සඟරාව මෙම ලිපිය පළ කර ඇත.එම විද්‍යාඥයන් කණ්ඩායම මාස 10ක කාලයක් පුරාවට විමර්ශනය කර ඇත. රංග ඩයස් මහතාට එල්ල වී ඇති චෝදනා 16ක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය කර ඇති බව ද නේචර් සඟරාව වාර්තා කළේය.
( විමුක්ති එස්. රුද්‍රිගු)