
ප්‍රකට ගායන ශිල්පියෙකු හා කාලයක් රංගන ශිල්පියෙකු වූ ප්‍රියංකර පෙරේරා මේ වනවිට අසනීප තත්වයෙන් යුතුව විවේක සුවයෙන් කල් ගෙවයි. මීට වසර 04 කට පමණ පෙර 2020 දී ඔහු වකුගඩු සැත්කමකට ලක්වූ අතර ඒ දිනවල ඔහුට වකුගඩුවක් ලබාගැනීම පිණිස මාධ්‍ය දැනුම්දීම්ද පළ කෙරිණි. ඔහුගේ සුවය වෙනුවෙන් කලාකරුවන් එකමුතු විය.
ප්‍රියංකර පෙරේරා යනු නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ පුත්‍රයෙකි.ප්‍රවීණ සිනමා නිළි දිල්හානි අශෝකමාලා ඔහුගේ බිරියයි. ප්‍රියංකරගේ පුතු ඩිල්මින්ද ගායන ක්ෂෙත්‍රයට පිවිස තිබේ.
ප්‍රියංකර පෙරේරාගේ රෝග තත්වයන් ඉස්මතුවීම සමග මේ වනවිට ඔහුගේ වම් පාදය ඉවත් කර තිබෙන අතර
මේ දිනවල සමාජ මාධ්‍ය තුළ ඔහුගේ වත්මන් ස්වරූපය පෙන්නුම් කරන ඡායාරූපයක් හුවමාරු වෙමින් පවතී. ප්‍රියංකරගේ ලෙඩ බලන්නට ගිය හිතවතෙකු ලබාගත් ඡායාරූපයක් ලෙස සැලකිය හැකි මුත් මෙම ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කිරීම ඔහුගේ පුද්ගලිකත්වයට හානිකර බවට විවේචන පළව තිබේ. ඔහු නොපතන අනවශ්‍ය අනුකම්පාවක් ලබාදීමට මෙම ප්‍රසිද්ධ කිරීම හේතුවී ඇති අතර එමගින් ඔහු අසරණ කර තිබේ.
මෙම ඡායාරූපය අන්තර්ජාලය තුළ හුවමාරු කිරීමෙන් වළකින ලෙස බොහෝ අය ඉල්ලීම් කර තිබේ.
පාඨකයින්ගේ දැනගැනීම පිණිස වසා දැමූ කොටස් සහිත ඡායාරූපය පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval