cake-price

දේශීය බිත්තරයක් රුපියල් 35කට ලබා දී මාගරින් කිලෝවක් සඳහා පවතින රුපියල් 600ක බද්ධ ඉවත් කළොත් කේක් කිලෝවක් රුපියල් 600කට ලබා දෙන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරන අන්දමට දේශීය බිත්තරයක් රුපියල් 35කට ලබා දෙන්නේ නම් කේක් කිලෝවක මිල රුපියල් 100කින් අඩු කරන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

දැනට මාගරින් යොදා ගුණාත්මක උසස් තත්ත්වයෙන් නිපදවන කේක් කිලෝවක් රුපියල් 1,000ක පමණ වන මිලකට අළෙවි කරන බවද ඔහු සඳහන් කරයි.මේ වන විට කේක් මිල අධික වීම නිසා ජනතාව කේක් පරිභෝජනය අඩු කර ඇති බවත් ඒ අනුව කේක් අළෙවිය සියයට 25කින් පමණ පහත බැස ඇතැයි පවසන ජයවර්ධන මහතා, කේක් නිෂ්පාදනයද සියයට 50කින් පමණ අඩු වී ඇතැයිද සඳහන් කළේය.
 (කීර්ති පුනාන්දු)