Darshani-dilanthika-ekanayake-four-children-Canada-killed

 2024 මාර්තු 7 වෙනිදා කැනඩාවේ  ඔටාවා හි බාර්හැවන් උපනගරයේ මවක හා ඇගේ දරුවන් සිව්දෙනාත් තවත් පුද්ගලයෙකුත් ඝාතන චෝදනා ලැබ සිටින 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා ශ්‍රී ලාංකිකයාට ඇප ලබා ගැනීමට කිසිදු සැලසුමක් නොමැති බව ඔහුගේ නීතිඥවරයා කැනේඩියානු මාධ්‍ය වෙත පවසා තිබේ.


ෆෙබ්‍රියෝ ද සොයිසා අත්අඩංගුවට ගෙන මාර්තු මස මුලදී මිනීමැරුම් හයක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වීමෙන් පසු ඔහු තවමත් අත්අඩංගුවේ පසුවන අතර ඔහුගේ නීතීඥ ඉවාන් ලිට්ල් කැනේඩියානු ප්‍රෙස් වෙත පැවසුවේ “දැනට ඇප සඳහා අයදුම් කිරීමට කිසිදු සැලසුමක් නොමැති” බවයි.



ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු ලෙස කැනඩාවේ අධ්‍යාපනය ලබමින් සිටි ද සොයිසා ලබන සතියේ යළි අධිකරණයට පැමිණීමට නියමිත අතර එහිදී ඔහුගේ නඩුව සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සඳහා දින නියම කිරීමට නීතිඥයින් අපේක්ෂා කරයි.

35 හැවිරිදි දර්ශනී ඒකනායක සහ මාස දෙකත් අවුරුදු හතත් අතර වයසේ පසුවූ ඇයගේ දරුවන් සිව්දෙනාගේ මෙන්ම පවුලේ හිතවතෙකුගේ පිහි ඇනුම් වලින් මරණයට පත්කරන්නට මෙම තරුණයා වගකිව යුතු බවට විමර්ශකයෝ චෝදනා කරති.
ද සොයිසා ඇල්ගොන්කින් විද්‍යාලයේ ජාත්‍යන්තර ශිෂ්‍යයෙකු බව ඔටාවා පොලිසියේ ප්‍රධානී එරික් ස්ටබ්ස් මාධ්‍ය හමුවකදී හෙළි කිරීමෙන් පසු ඒ පිළිබඳව සොයා බලා ඇති විද්‍යාල බලධාරීන් "ඔහු අවසන් වරට පන්තිවලට සහභාගි වූයේ 2023 ජනවාරි මාසයේදී" බව පොලිසියට දන්වා ඇත.


බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් නිකුත් කරමින් විද්‍යාලය දන්වා සිටියේ ඛේදවාචකය පිළිබඳ “බොහෝ මාධ්‍ය ඉල්ලීම්” වලට ප්‍රතිචාර දැක්වීමට විද්‍යාල කාර්ය මණ්ඩලයට ඉල්ලීම් ලැබුණ බවයි.
ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් එකම පුද්ගලයා වූයේ ධනුෂ්ක වික්‍රමසිංහ  දෑත් සහ මුහුණේ තුවාල සහිතව රෝහල් ගතවීමෙන් පසු මේ වනවිට සුවය ලබා ඇති නමුත් ඔහුගේ ඇඟිලි කිහිපයක් අහිමිව ඇති බව මාෂ්‍ය වාර්තා කරයි.
ඔටාවා නගරාධිපති මාර්ක් සට්ක්ලිෆ් මෙම ඝාතන "නගර ඉතිහාසයේ වඩාත්ම කම්පන සහගත ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලින් එකක්" ලෙස නම් කර ඇත.