athirugiriya-ceb-killer-nabbed

අනි­යම් ප්‍රේම සම්බ­න්ධ­යක් මුල් කර­ගෙන ඇති වුණු ආර­වු­ලක් මත විදු­ලි­බල මණ්ඩල මූල­ස්ථා­නයේ සේවයේ නිර­තව සිටි ඉංජි­නේ­රු­වකු වන ආචාර්ය ඩබ්. අම­ර­සිරි නමැති අයකු අතු­රු­ගි­රිය පොලිස් වසමේ පනා­ගොඩ ඇඹු­ල්ගම පාරේ වැලි­පි­ල්ලෑව ශ්‍රී සුමන මාවතේ නිවෙ­ස­කට ගෙන්වා­ගෙන ඝාත­නය කර, සිරුර කොට­ස්ව­ලට කපා බැර­ල­යක බහා වළ දැමූ අප­රා­ධ­යක් සම්බ­න්ධ­යෙන් චෝදනා ලැබ 1990 වසරේ සිට වසර 34ක් තිස්සේ අධි­ක­ර­ණය මඟ­හැර සැගවී සිටි, එම අප­රා­ධය සම්බ­න්ධ­යෙන් මර­ණීය දණ්ඩ­න­යද නියම වී සිටි ප්‍රධාන සැක­කරු පූගොඩ මණ්ඩා­වල ප්‍රදේ­ශ­යේදී අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ නිල­ධා­රීන් විසින් ඊයේ (18) අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.



වයස අවු­රුදු 68ක් වන කොළ­ඹගේ සර­ත්චන්ද්‍ර සුම­න­සේ­කර නොහොත් නන්දන සුම­න­සේ­කර නමැති මේ සැක­කරු පූගොඩ මණ්ඩා­වල ප්‍රදේ­ශයේ පිහිටි පෞද්ග­ලික ආය­ත­න­යක ආර­ක්ෂක නිල­ධා­රි­යකු ලෙස සේවයේ නිර­තව සිටි­යදී දුර­ක­තන ජාල විශ්ලේ­ෂ­ණ­ය­කින් අන­තු­රුව මෙලෙස කොටු කර­ගැ­නී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සමත් විය. අත්අ­ඩං­ගු­වට ගන්නා විට ඔහු රැකි­යාවේ නිර­තව සිටි ස්ථානය සොයා­ගෙන ඇත්තේ මෙයට මාස 2-3කට පෙර සිය හිත­ව­ත­කුගේ මාර්ග­යෙන් බවද අනා­ව­ර­ණය වී තිබේ. ඊට පෙර ඔහු දැඩි­ග­මුව ප්‍රදේ­ශයේ රැඳී සිට ඇති බවත්, ඔහු දැඩි­ග­මුවේ සිට පූගොඩ බලා යන්නේ මේ අප­රා­ධය සම්බ­න්ධ­යෙන් ඔහුගේ බිරිය අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තු­වට හසු වීමත් සමඟ බවත් අනා­ව­ර­ණය වී තිබේ. මේ පුද්ග­ලයා පසු­ගිය කාලය පුරා පොලි­සි­යට හසු නොව­න්නැයි ප්‍රාර්ථනා කර­මින් පින්ද­හ­ම්වල නිර­තව සිට ඇති බවත්, පොහො­යට සිල් සමා­දන් වී ඇති බවත් බණ භාව­නා­වල නිරත වෙමින් නිර­න්ත­ර­යෙන් පිරිත් කිය­මින් සිට ඇති බවත් අනා­ව­ර­ණය වී ඇත.

මේ තැනැත්තා පනා­ගොඩ වැලි­පි­ල්ලෑවේ පදිං­චිව සිට මිය ගිය පුද්ග­ල­ය­කුගේ උප්පැ­න්ය­කින් සකස් කර­ගත් ජාතික හැඳු­නු­ම්ප­ත­කින් මෙතෙක් කලක් පෙනී සිට ඇති අතර, ඒ ජාතික හැඳු­නු­ම්පත හා උප්පැන්න සහ­ති­ක­යද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් විසින් සොයා­ගෙන ඇත. මිය­ගිය අය­කුගේ උප්පැන්න සහ­ති­ක­යට මොහුගේ මුහුණ යොදා ජාතික හැඳු­නු­ම්පත සකස් කර­ගැ­නී­මට එව­කට එම ප්‍රදේ­ශයේ සේවය කළ ග්‍රාම­සේවා නිල­ධා­රි­ය­කුගේ සහ පුද්ග­ල­යන් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ සේවයේ නිරත නිල­ධා­රි­ය­කුගේ සහ­යද ලැබී තිබී ඇති බව සැක කරන අතර, ඒ ගැනද විශේෂ විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇති බව අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේන්තු තොර­තුරු අනා­ව­ර­ණය කළේය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන කොට්ඨා­සයේ පොලිස් සැර­යන් සම්පත් විසින් (70701) දීර්ඝ කාල­යක් තිස්සේ කළ විම­ර්ශ­න­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස පසු­ගිය පෙබ­ර­වාරි 9 දා මේ සැක­ක­රුගේ බිරිය අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණි. ඇය ඒ.ඩබ්. කමනී චම්පිකා නමැති 66 හැවි­රිදි වියේ පසු වන එක්දරු මවකි.

මේ අප­රා­ධය සිදු වන්නේ 1989 වසරේ ජන­වාරි 13 දාය. ඝාත­න­යට ලක් වූ ඉංජි­නේ­රුවා සමඟ අනි­යම් සම්බ­න්ධ­යක් පව­ත්ව­මින් සිටි ඇය එකල අවු­රුදු 32ක කාන්තා­වකි. විදු­ලි­බල මණ්ඩ­ලයේ ඉංග්‍රීසි ලඝු ලේඛි­කා­වක ලෙස ඇය එකල සේවය කර ඇත්තේ ඝාත­න­යට ලක් වූ ඉංජි­නේ­රුවා සම­ඟය. ලංගම වේලා සට­හ­න්ක­රු­වකු ලෙස සේවයේ නිර­තව සිටි පූගො­ඩදී ඊයේ අත්අ­ඩං­ගු­වට පත් සිය සැමියා සමඟ ඇය පදිං­චිව සිට ඇත්තේ වැලි­පි­ල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙ­සේය. අනි­යම් ඇසුර සැමි­යාට දැන­ගැ­නී­මට ලැබී­මෙන් පසු ඔහු ඇය මඟින් අනි­යම් සැමියා වූ විදුලි ඉංජි­නේ­රුවා නිවෙ­සට ගෙන්වා­ගෙන හිසට මෝල්ග‍ස­කින් පහර දී, පසුව ගෙල කපා, සිරු­රද කොට­ස්ව­ලට වෙන් කර බැර­ල­යක බහා ඇත. ඒ සදහා ඔහු සිය බිරි­යගේ සහ­යද ගෙන තිබිණි.



ඉංජි­නේ­රුවා මරා දමා පලා ගොස් සිටි මේ යුවළ පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගැනී­මෙන් අන­තු­රුව පැවති නඩු විභා­ග­යෙන් පසු හෝමා­ගම මහා­ධි­ක­ර­ණය විසින් 1990 වස­රේදී මරණ දඬු­වම පනවා ඇත. මරණ දඬු­වම නියම වන විට අධි­ක­ර­ණ­යෙන් ලද ඇප මත පසු වූ මේ යුවළ සිට ඇත්තේ අධි­ක­ර­ණය මඟ­හැ­රය.

ඉන් පසු වෙනත් නම්ව­ලින් පෙනී සිටි­මින් පොලි­සි­යට කට්ටි පනි­මින් සිටි බිරිය පසු­ගිය පෙබ­ර­වා­රි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ පාණ­දුර අළු­බෝ­මුල්ල ප්‍රදේ­ශයේ සිය පුතාගේ නිවෙසේ රැඳී සිටි­ය­දීය. තල­ව­තු­ගොඩ උපන් තැනැ­ත්ති­යක වන ඇය අධ්‍යා­ප­නය ලබා ඇත්තේ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විදු­හ­ල­කින් වන අතර, ඇයගේ මවු­පි­යන් යමක් කමක් ඇති පවු­ලක අය බවද සඳ­හන්ය. ඇය විදු­ලි­බල මණ්ඩ­ලයේ ඉංග්‍රීසි ලඝු ලේඛි­කා­වක ලෙස සේව­යට එක්ව ඇත්තේ පාසල් අධ්‍යා­ප­න­යට සමු දී කෙටි කාල­යක් තුළ­දීය. සර­ත්චන්ද්‍ර සුම­න­සේ­කර නමැති ලංගම බස් රථ වේලා සට­හ­න්කරු සමඟ ඇය ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති කර­ග­න්නේද මේ කාල­යේය. ඒ සම්බ­න්ධ­යට ඇයගේ මවු­පි­යන්ගේ කැමැ­ත්තක් නොවූ­වත් අව­සා­නයේ ඔවුන් දෙදෙනා විවාහ වී පදිං­චි­යට යන්නේ වැලි­පි­ල්ලෑව ශ්‍රී සුමන මාවතේ පිහිටි නිවෙ­ස­ක­ටය. ඒ නිවෙස සර­ත්චන්ද්‍ර සුම­න­සේ­ක­රට අයත් එකකි.

කැල­ණියේ පදිං­චි­ක­රු­වකු වූ ආචාර්ය ඩබ්. අම­ර­සිරි ඉංජි­නේ­රු­වකු ලෙස විදු­ලි­බල මණ්ඩ­ලයේ සේව­යට එක්ව ඇත්තේද මේ කාල­යේය. කඩ­ව­සම් තරු­ණ­යකු වූ ඔහු සහ කමනී චම්පිකා අතර අනි­යම් සම්බ­න්ධ­යක් ඇති වන්නේ ලඝු ලේඛන කට­යුතු සඳහා නිතර දෙදෙනා කාර්යාල කාම­රය තුළ තනි වීමේ ප්‍රති­ඵ­ල­යක් වශ­යෙනි. සැමියා නැති අව­ස්ථා­ව­ලදී තම ඉංජි­නේරු පෙම්වතා වැලි­පි­ල්ලෑවේ නිවෙ­සට ගෙන්වා­ගෙන එකට සිටී­මට පවා ඇය පෙලඹ සිටි­යාය. වැඩි කලක් යන්නට මත්තෙන් මේ හැම දෙයක්ම සැමි­යාගේ කන වැකී ඇති අතර, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස 1989 වසරේ ජන­වාරි 13 දා සිය බිරි­යට රැකි­යා­වට යන්නට ඉඩ නොදෙන සැමියා ඇයට පහ­ර­වල් කිහි­ප­යක් එල්ල කර ඇය බිය ගන්වා අනි­යම් සම්බ­න්ධය ගැන විමසා සිටි­යේය. එහිදී ඔහු ඇයට තර්ජ­නය කර­මින් පව­සන්නේ සැමියා නිවෙසේ නැති බව පවසා ඔහු නිවෙ­සට ගෙන්වන ලෙසය. සිය සැමියා මහා එපා කරපු පුද්ග­ල­යකු බව දැන සිටි ඇයට ඔහුගේ අණ පිළි­පැ­දීම හැර වෙනත් වික­ල්ප­යක් නොවීය. එබැ­වින් නිවෙසේ තිබුණු දුර­ක­ත­න­යෙන් ඉංජි­නේරු පෙම්ව­තාට ඇම­තු­මක් ගත් ඇය ඔහු නිවෙ­සට ගෙන්වා­ග­ත්තාය. ඒ පැමිණි ඔහු මරා බැර­ල­යක බහා වළ දමා අඹු­සැමි යුවළ පලා­ගොස් ඇත්තේ බොරැ­ල්ල­ටය. කුලි­යට ගත් නිවෙ­සක ඔවුන් දින කිහි­ප­යක් රැඳී සිට ඇත. මේ අතර ඉංජි­නේ­රු­වාගේ තරුණ බිරිය පොලි­සි­යට පැමි­ණි­ල්ලක් ඉදි­රි­පත් කර ඇත්තේ රැකි­යා­වට ගිය සිය සැමියා දින කිහි­ප­යක් තිස්සේ නිවෙ­සට නොපැ­මිණි බවත්, ඔහු ආගිය තැනක් සොයා­ග­න්නට නැති බවත් සඳ­හන් කර­මිනි. සැමියා සේවය කළ විදු­ලි­බල මණ්ඩල මූල­ස්ථා­නය අයත් පොලිස් බල ප්‍රදේ­ශය වූ කොම්ප­ඤ්ඤ­වී­දිය පොලි­සි­යට ඒ පැමි­ණිල්ල කර තිබිණි. එහිදී පොලිස් නිල­ධා­රීන් කළ විම­ර්ශ­න­යේදී පෙනී ගොස් ඇත්තේ ඉංජි­නේ­රු­වාගේ රිය විදු­ලි­බල මණ්ඩ­ලයේ රථ ගාලේ ඇති බවයි.

ඔහු ඉංග්‍රීසි ලඝු ලේඛි­කා­වක සමඟ අනි­යම් සම්බ­න්ධ­යක් ඇති කර­ගෙන සිටි බවත්, ඉංජි­නේ­රු­ව­රයා සමඟ ඇයත් අතු­රු­දන්ව ඇති බවත් හෙළි වන්නේ පොලි­සිය එදා කළ විම­ර්ශ­න­යේ­දීය. ඇයගේ ලිපි­නය සහ දුර­ක­තන අංකය ඉංජි­නේ­රුවා සිය දින පොතේ සට­හන් කර තිබුණු බැවින් බොරැල්ල පොලි­සිය ඒ ඔස්සේ ගොස් අතු­රු­ගි­රිය පොලි­සිය මගින් එම ලිපි­නය සම්බ­න්ධ­යෙන් යම් සොයා බැලී­මක් කර තිබේ. එහිදී පෙනී ගොස් ඇත්තේ ඉංජි­නේ­රු­ව­ර­යාගේ අතු­රු­ද­න්වී­මත් සමඟ එම නිවෙස වසා දමා එහි ජීවත්වූ අඹු­සැමි යුව­ළද අතු­රු­දන්ව ඇති බවයි. ඒ අනුව දීර්ඝ විම­ර්ශ­න­ය­කින් අන­තු­රුව අඹු­සැමි යුවළ අත්අ­ඩං­ගු­වට ගෙන බැර­ල­යක බහා වළ දමා තිබුණු ඉංජි­නේ­රු­වාගේ මළ සිරුර ගොඩ ගෙන තිබිණි. එකල පුව­ත්ප­ත්වල ප්‍රමුඛ පුව­තක් බවට එම සිදු වීම පත්ව තිබී ඇත.



මේ අඹු­සැමි යුවළ හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­තව සිටි ඔවුන් දෙදෙනා මාස 6කට පසු ඇප මත නිද­හස් කර තිබේ. ඒ 1990 වස­රේ­දීය. එහිදී ඔවුන් ඇප­ක­රු­වන් ලෙස ඉදි­රි­පත් කර ඇත්තේ නම් ගම් පවා ව්‍යාජ පුද්ග­ල­යන්ය. ව්‍යාජ ලේඛන ඉදි­රි­පත් කර ඇප ගත් ඔවුන් එතැන් සිට ජීවත්ව ඇත්තේ සැඟ­වීය. අධි­ක­ර­ණයේ පැවති නඩු කට­යුතු සඳ­හාද ඔවුන් ඉදි­රි­පත් වී නැත.

ඉංජි­නේ­රු­වාගේ ඝාත­නය සම්බ­න්ධ­යෙන් ලඝු නොවන නඩු කට­යුත්ත හෝමා­ගම මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණයේ විභාග වීමෙන් අන­තු­රුව නීති­ප­ති­ව­රයා විසින් මහා­ධි­ක­ර­ණයේ මෙම අඹු­සැමි යුව­ළට නඩු පවරා ඇත. චුදි­ත­යන් නැතිව නඩුව විභා­ග­යට ගෙන එහි තීන්දුව ප්‍රකා­ශ­යට පත් කර ඇත්තේ 2019 වස­රේ­දීය. ඒ ඔවුන් දෙදෙ­නාට මර­ණීය දණ්ඩ­ණය නියම කර­මිනි. එහිදී හෝමා­ගම මහා­ධි­ක­ර­ණය විසින් මෙම අඹු­සැමි යුවළ අත්අ­ඩං­ගු­වට ගෙන අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කරන ලෙස විවෘත වරෙ­න්තු­වක්ද නිකුත් කර තිබී ඇත. එහිදී මේ සැක­ක­රුගේ බිරිය හෝමා­ගම මහා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මෙන් අන­තු­රුව රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරනු ලැබීය. ඇය තව­දු­ර­ටත් සිටින්නේ රක්ෂිත බන්ධ­නා­ගා­ර­යේය. ඇය අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මේදී අනා­ව­ර­ණය වන්නේ ඇය මර­ණීය දණ්ඩ­න­යට එරෙ­හිව අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කර ඇති බවයි.

ඊයේ අත්අ­ඩං­ගු­වට පත් ඇයගේ සැමියා වන මේ ඝාත­නයේ ප්‍රධාන සැක­කරු අද හෝමා­ගම මහා­ධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවි­ධා­නා­ත්මක අප­රාධ විම­ර්ශන ඒක­කයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී ලකී රන්දෙ­ණිය මහ­තාගේ මෙෙවී­මෙන් උප පොලිස් පරී­ක්ෂ­ක­ව­රුන් වන පියල්, සිල්වා, කාන්තා (උ.පො.ප) මානෙල්, පොලිස් සැර­ය­න්ව­රුන් වන ගමගේ (40947),සම්පත් (70701) ඇතුළු නිල­ධාරි කණ්ඩා­ය­මක් මේ වැට­ලී­මට සම්බ­න්ධව සිට ඇත.