nochchiyagama-incident

යතුරුපැදියකින් ගමන් ගත් පොලිස් කොස්තාපල්වරයකුත් ඔහුගේ අවුරුදු තුනක් වයස දියණිය සමග යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකුත් අතර 14 දා  රාත්‍රී  8.30ට පමණ නොච්චියාගම නගරයේදී ඇති වූ ගුටි බැට හුවමාරුවකින් පසු එම දෙදෙනා සහ අවුරුදු තුනක් වයස දැරිය ද වෛද්‍ය ප්‍රතිකාර සදහා නොච්චියාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.



මහාමාර්ග යතුරුපැදි සංචාර ඒකකයට අනුයුක්තව නොච්චියාගම පොලිසියේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු, අවුරුදු තුනක් වයස සිය දියණිය සමග යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයකු අතර හටගත් බහින්බස් වීමක්, එකිනෙකා ගුටිබැට හුවමාරු කරගැනීමට තරම් දුර දිග ගොස් ඇතැයි නොච්චියාගම පොලිසිය පැවැසීය.

සිය දියණිය යතුරු පැදියේ තබා ගෙන යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයා එම යතුරුපැදියේ ප්‍රධාන ලාම්පුවේ ආලෝකය අවපාත නොකිරීම මෙම ගැටුමට මුල් වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

පොලිස් නිලධාරියකු, සාමාන්‍ය පුද්ගලයකු සහ ඔහුගේ කුඩා දියණිය රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට නොච්චියාගම රෝහල මගින් නොච්චියාගම පොලිසියට 15 සිදු කෙරුණ දැනුම්දීමක් මත නොච්චියාගම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය