moragahahena-kasippu-raid

මොර­ග­හ­හේන කුඹු­ක­වත්ත සුප්රිම් පාර්ක්හි කුලි­යට ගත් සු­ඛෝ­ප­භෝගි තෙම­හල් නි‍වසක මහා පරි­මා­ණ­යෙන් පව­ත්වා­ගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගා­ර­යක් වටලා රුපි­යල් ලක්ෂ 20කට ආසන්න වටිනා නීති විරෝධී මත්පැන් ගෝඩා ඇතුළු උප­ක­රණ රැසක් සමඟ පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බව බණ්ඩා­ර­ගම පොලි­සිය පව­සයි.

එම සැක­කරු සමඟ නීති විරෝධී මත්පැන් ප්‍රවා­හ­න­යට යොදා ගත් සුඛෝ­ප­භෝගී මෝටර් රථය, නීති විරෝධී මත්පැන් බෝතල් 180ක්, ගෑස් සිලි­න්ඩර් 3ක්, ගෑස් ළිප් තුනක්, බැරල් 6ක්, ලීටර් 1000 විශාල ප්‍රමා­ණයේ ටැංකි 4ක්, ගෝඩා ලීටර් ලක්ෂ 30ක් හා වතුර මෝට­ර­යක් ඇතුළු උප­ක­රණ රැසක් පොලිස් භාර­යට ගෙන ඇත.



බණ්ඩා­ර­ගම වල්ගම ප්‍රදේ­ශයේ පදිංචි පුද්ග­ල­යකු කුලි­යට ගත් සුඛෝ­ප­භෝගී මෝටර් රථ­ය­කින් නීති විරෝධී මත්පැන් ප්‍රවා­හ­නය කරන බවට බස්නා­හිර බුද්ධි කොට්ඨා­සයේ පොලිස් කොස්තා­පල් (88924) කරු­ණා­ජීව නිල­ධා­රි­යාට ලද තොර­තු­ර­කට අනුව පෙරේදා (08) රාත්‍රි ගෝන­පොළ හන්දි­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන සිදු කළ ප්‍රශ්න කිරී­මේදී සුපිරි නි‍ෙවසේ මත්පැන් ජාවා­රමේ තොර­තුරු අනා­ව­ර­ණය වූ බව පොලි­සිය පව­සයි.

ඒ අනුව එම නි‍ෙවස වටලා සිදු කළ සෝදි­සි­යේදී නි‍ෙවසේ දෙවන මහලේ කාම­ර­යක මත්පැන් පෙරීම සඳහා බැරල් සකස් කර බට මාර්ග­යෙන් පහ­තට රැගෙන ගොස් නි‍ෙවස පිටු­පස ලෑලි­ව­ලින් තනන ලද කුඩා කාම­ර­යක ගෝඩා බැරල් තබා මෝට­ර­යක් ආධා­ර­යෙන් ඉහළ මහ­ලට යන ආකා­ර­යෙන් සකස් කර තිබූ බව පොලි­සිය පව­සයි.



ඒ අනුව ලෑලි­ව­ලින් තන ලද කුඩා කාම­රය කඩා ඒ තුළ තිබූ ලීටර් 1000ක් විශාල ටැංකි හතර පිට­තට ගෙන ගෝඩා එම ස්ථාන­යේම විනාශ කර දැමී­මට පොලි­සිය මඟින් පිය­වර ගත් අතර එම කාම­රය තුළ පාවිච්චි කර ඉවත් කරන ලද ‘ඊස්ට් පැකට්’ දහ­ස­කට අධික ප්‍රමා­ණ­යක් තිබූ බව පොලි­සිය පව­සයි.

මෙම ස්ථාන­යෙන් පෙරන ලද මත්පැන් සැක­කරු විසින් බණ්ඩා­ර­ගම, පාණ­දුර, මොර­ග­හ­හේන, පිළි­ය­න්දල ඉංගි­රිය හා හොරණ ආදී ප්‍රදේ­ශ­ව­ලට මෝටර් රථ­යෙන් බෙදා හැර ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

සැක­ක­රු­ගෙන් සිදු කළ ප්‍රශ්න කිරී­මේදී මත්පැන් ජාවා­ර­මෙන් දින­කට රුපි­යල් ලක්ෂ­යක ගනු­දෙ­නු­වක් සිදු කරන බවට අනා­ව­ර­ණය වී ඇත.

සැක­කරු නි‍ෙව­සට මාසි­කව රුපි­යල් 50,000ක් සහ මෝටර් රථ­යට මාසි­කව රුපි­යල් 60,000ක් ගෙවන බවට ද වැඩි­දු­ර­ටත් අනා­ව­ර­ණය වී යැයි පොලි­සිය පව­සයි.

අත්අ­ඩං­ගු­වට ගත් සැක­කරු බණ්ඩා­ර­ගම වල්ගම පදිංචි 42 හැවි­රිදි පුද්ග­ල­යෙකි.

සැක­කරු පාණ­දුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තය.

 බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ