anuradapura-death-bodies

අනු­රා­ධ­පුර හිදෝ­ගම දිවු­ල්වැවේ සහ අනු­රා­ධ­පුර නුවර අසල තිබී සැක­ක­ට­යුතු පුද්ගල මළ සිරුරු දෙකක් පෙරේදා (08) පස්ව­රු­වේදී සොයා ගත් බව පොලි­සිය පව­සයි.

එක් මළ සිරු­රක් හිදෝ­ගම පොලිස් වසමේ දිවු­ල්වැවේ තිබෙන බවට හිදෝ­ගම පොලි­සි­යට ලද තොර­තු­ර­කට අනුව පොලිස් නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් ගොස් මෙම මළ සිරුර සොයා ගත් බව පොලි­සිය පව­සයි.

ඇඳ ඇති­රිලි කිහි­ප­ය­කින් ඔතා කඹ­ය­කින් ගැට ගසා, එයට විශාල ගලක්ද ගැට ගසා ජල­යට දමා තිබූ මෙම මළ සිරුර ඝාත­න­යක් බවට සැක කරන බව පොලි­සිය සඳ­හන් කළේය.



පසුව එම ස්ථාන­යට අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ අප­රාධ ස්ථානීය පරී­ක්‍ෂණ කණ්ඩා­යමේ නිල­ධා­රීන් පැමිණ පරී­ක්ෂණ කට­යුතු සිදු කිරී­මෙන් අන­තු­රුව පස්ව­රුවේ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය ද සිදු කෙරිණි.

ඒ අනුව අනු­රා­ධ­පුර අති­රේක මහේ­ස්ත්‍රාත් ආර්. හේවා­ව­සම් මහ­ත්මිය පැමිණ සිරුර පිළි­බඳ මහේ­ස්ත්‍රාත් පරී­ක්ෂ­ණය පැවැ­ත්වී­මෙන් අන­තු­රුව මළ සිරුර අනු­රා­ධ­පුර ශික්ෂණ රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත යොමු කරන ලෙස නියෝග කළේය.

මිය­ගොස් සිටි එම පුද්ග­ලයා කවු­රුන්ද යන්න පිළි­බ­ඳව මෙතෙක් අනා­ව­ර­ණය කර­ගෙන නොමැති බවත් ඔහු පිළි­බඳ කිසිදු අන­න්‍ය­තා­වක් තහ­වුරු කර ගැනී­මට නොහැකි වූ බව පොලි­සිය පව­සයි.



අනෙක් පුද්ගල මළ සිරුර අනු­රා­ධ­පුර නුව­ර­වැවේ වෑක­න්දට පිවි­සෙන මාර්ගයේ නුවර වැව වෘත්තීය පුහුණු මධ්‍ය­ස්ථා­නයේ ගේට්ටුව ඉදි­රි­පිට ගසක් යට තිබී සොයා ගත් බව අනු­රා­ධ­පුර පොලි­සිය පව­සයි.

ජීවි­ත­ක්ෂ­යට පත්ව සිටි පුද්ග­ලයා නොච්චි­යා­ගම ඉහළ වැටි­යාව ප්‍රදේ­ශයේ පදිංචි කේ.ජී. ජගත් කුමාර නමැති හත­ළිස් අට හැවි­රිදි පුද්ග­ල­යකු ලෙස හඳු­නා­ගත් බවද පොලි­සිය සඳ­හන් කළේය.

මෙම මර­ණය සම්බ­න්ධ­යෙන් අනු­රා­ධ­පුර නාග­රික හදිසි මරණ පරී­ක්ෂක ජේ.එම්. ජය­ති­ලක මහතා විසින් සිදු කළ අතර මර­ණීය කර­ණා­වට හේතුව දැන ගැනී­මට පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තව තිබුණි.

අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලි­සියේ සැර­යන් රත්නා­යක (47902) මහතා වැඩි­දුර විම­ර්ශන සිදු කළේය.
(අනු­රා­ධ­පුර  - සශිනි මධු­ෂානි)