moragahahena-incident

ධන­වත් කාන්තා­ව­කගේ මොර­ග­හ­හේන වීදි­ය­ගොඩ මොහො­ට්ටි­ගොඩ නිව­සට හොර රහසේ ඇතුළු වී ඇයගේ සිරු­රට ගිනි තබා පලා ගිය පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගැනීම සඳහා පරී­ක්ෂණ පව­ත්වන බව මොර­ග­හ­හේන පොලි­සිය කියයි.

බර­ප­තළ තුවාල ලද කාන්තාව රෝහ­ල්ගත කර ඇත. සැක­කරු නිවස තුළට ගෙනා මන්නා පිහි­යක් සහ පැට්‍රල් අඩක් තිබෙන බෝත­ල­යක් පොලිස් භාර­යට ගෙන ඇත. සිද්ධි­යෙන් බර­ප­තළ පිලි­ස්සීම් තුවාල ලබා ඇත්තේ 63 හැවි­රිදි විවා­හක කාන්තා­වකි.

පිලි­ස්සුම් තුවාල ලද කාන්තා­වගේ නිවස ආස­න්න­යේම පදිංචි සැක­කරු

ඔහුට අයත් නිවස සහ ඉඩම කලක සිට විකි­ණීම සඳහා උත්සාහ දරා ඇති අතර, මුල් දින­වල එය රුපි­යල් ලක්ෂ 60ක මුද­ල­කට විකු­ණන බව ප්‍රචා­රය කර ඇති අතර, එම අව­ස්ථා­වේදී ගැනු­ම්ක­රු­වකු ඉදි­රි­පත් නොවී ඇති බව පොලිස් විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වී ඇත.

පසු­කා­ලී­නව ඔහු ප්‍රදේ­ශයේ දියු­ණු­වත් සම­ඟම නිවස සහ ඉඩම රුපි­යල් ලක්ෂ 80කට විකු­ණන බව පවසා විවිධ පාර්ශ්ව­යන් අතර ප්‍රචා­රය කර ඇති අතර, එහි ප්‍රති­ඵ­ල­යක් ලෙස ගැනු­ම්ක­රු­වකු ඉදි­රි­පත් වී ඒ වෙනු­වෙන් ඔහුට රුපි­යල් ලක්ෂ 3ක අත්ති­කා­රම් මුද­ලක් ද මීට දින කීප­ය­කට ඉහ­තදී ලබා දී ඇතැයි පොලි­සිය කියයි.

අදාළ ගැනු­ම්කරු සමඟ පිලි­ස්සුම් තුවාල ලද කාන්තාව අදාළ ඉඩම ලක්ෂ හැට­කට විකි­ණී­මට තිබූ ඉඩ­මක් බව පැවැ­සී­මෙන් අන­තු­රුව එම ගැනු­ම්කාර පුද්ග­ලයා ඉඩම් හිමියා (සැක­කරු) හමුවී පිලි­ස්සුම් තුවාල ලද කාන්තාව මෙම ඉඩම ලක්ෂ හැට­කට විකි­ණී­මට තිබූ ඉඩ­මක් බවට පැවසූ බව (සැක­ක­රුට) ඉඩම් හිමි­යාට පවසා තිබූ බව පොලි­සිය කියයි.



අන­තු­රුව ගැනු­ම්කරු ඔහුට එම මුද­ලට ඉඩම අන­වශ්‍ය බව පවසා ලබා දුන් අත්ති­කා­රම් මුදල් (සැක­ක­රු­ගෙන්) ඉඩම් හිමි­යා­ගෙන් නැවත ඉල්ලා ඇතැයි ද, එම අව­ස්ථා­වේදී ඉඩම් හිමි සැක­කරු තමන්ට එම මුදල විය­දම් වූ බවත් ඉඩම විකි­ණී­මෙන් පසු මුදල් නැවත ලබා දිය හැකි බවත් එම පුද්ග­ලයා සමඟ පවසා තිබූ බව පොලි­සිය සඳ­හන් කරයි. මෙයින් දැඩි කෝප­යට පත් සැක­කරු පෙරේදා (24) සවස මන්නා පිහි­යක් සහ පැට්‍රල් පිරවූ බෝත­ල­යක් රැගෙන තාප්ප­යෙන් පැන කාන්තා­වගේ නිව­සට ඇතුළු වී ඇයගේ සිරු­රට පෙට්‍රල් විසි කර ගිනි තබා පලා ගොස් තිබූ බව පොලි­සිය කියයි.

කාන්තා­වට ගිනි තැබී­මත් සම­ඟම කල­බ­ල­යට පත් වූ සැක­කරු කාන්තාව මිය යන්නට ඇතැයි සිතා ඔහු රැගෙන ආ මන්නා පිහි­යද නාන කාම­රයේ ඉදි­රි­පිට පුටු­වක් මත දමා ගොස් තිබූ බව පොලි­සිය කියයි.

සැක­කරු මන්නා පිහිය සහ පෙට්‍රල් බෝත­ලය රැගෙන තාප්ප­යෙන් පැන කාන්තා­වගේ නිව­සට ඇතුළු වන අයුරු එම කාන්තා­වගේ නිවසේ සවි කර තිබෙන සීසී­ටීවී කැම­රාවේ මනාව සට­හන්ව ඇතැයි පොලි­සිය කියයි.

එම අව­ස්ථා­වේදී කාන්තාව නිවස තුළ නාන කාම­රයේ රැඳී සිට ඇති අතර, පිලි­ස්සුම් තුවාල ලද ඇය දන්නා හඳු­නන නිව­සක පුද්ග­ල­ය­කුට ඇම­තු­මක් ලබා දී සැක­ක­රුගේ නම පවසා ඔහු පෙට්‍රල් දමා ගිනි තැබූ බවට පවසා තිබූ අතර, ඔහු බිරිය සමඟ පැමිණ ඇයව ත්‍රිරෝද රථ­ය­කින් රෝහ­ල්ගත කිරී­මට උත්සාහ දරා ඇතත් එලෙස ගෙන යාමට අප­හසු වූ බැවින් 1990 සුව සැරිය ගිලන් රථ­යෙන් හොරණ මූලික රෝහල වෙත ඇතු­ළත් කර ඇත.



එම රෝහලේ පැය කීප­යක් ප්‍රති­කාර ලබ­මින් සිටි එම කාන්තාව ඇයගේ එකම පුතු විසින් වැඩි­දුර ප්‍රති­කාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ගොස් තිබූ බව පොලි­සිය කියයි. සැක­කරු පානය කළ බීඩි­යක කොට­සක් සහ රැගෙන එන ලද පැට්‍රල් බෝත­ලයේ මූඩිය නාන කාම­රය තුළ වැටී තිබි­යදී පොලි­සිය මඟින් සොයා­ගෙන ඇත. සිද්ධි­යත් සම­ඟම නිවස වසා සැක­කරු සහ ඔහුගේ බිරිය ප්‍රදේ­ශ­යෙන් පලා ගොස් ඇත.

පාන­දුර පොලිසිය පරී­ක්ෂණ පව­ත්වති.

බණ්ඩා­ර­ගම - බිමල් ජය­සිංහ