
කඩුවක්ද රැගෙන මාවනැල්ල පදීදොර ගම්මානයේ වැසියන් බියට පත් කරමින් කාන්තාවක ඇපයට ගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිසියේ දෙදෙනකුට කඩුවකින් පහරදුන් පුද්ගලයකු පොලිස් වෙඩි පහරින් මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ, ජයතිලක නමැති 53 හැවිරිදි පුද්ගලයකු බවට වාර්තාවේ.
මියගිය පුද්ගලයා සිය 24 හැවිරිදි පුතු සමග කඩුවක් රැගෙන මිනිසුන් බියගන්වමින් සිටින බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත එම ස්ථානයට ගිය පොලිස් නිලධාරින් දැක ඇත්තේ මියගිය තැනැත්තා කාන්තාවක් ඇපයට ගෙන ඇති අයුරුයි.
කාන්තාව බේරාගැනීමට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් දෙදෙනකුට කඩුවෙන් පහරදී ඇති අතර ජීවිත ආරක්ෂාව පතා පොලිසිය සැකකරුට වෙඩි තබා තිබෙයි.
සිද්ධියෙන් පුද්ගලයා මියගිය අතර ඔහු සමග සිටි ඔහුගේ පුතු තුවාල ලබා ඇත.
සිද්ධියෙන් කැපුම් තුවාල ලැබූ පොලිස් සැරයන්වරු දෙදෙනකු ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබෙයි.
මෙම සිදුවීම ගැන පොලිස් වාර්තාව පහතින්

Comments
Post a Comment
Your comment will be visible after approval