kosgoda-incident

කොස්ගොඩ ප්‍රදේ­ශයේ නිවාස ගණ­නක් රාත්‍රී කාලයේ දොර­වල් කඩා නිවෙස් හිමි­යන්ට මරණ තර්ජ­නය කර රන් බඩු හා මුදල් පැහැ­ර­ගත් සොර කණ්ඩා­ය­මක් මෙහෙය වූ කාන්තා­වන් දෙදෙ­නකු සහ ඊට සහාය වූ පුද්ග­ල­යන් දෙදෙ­නකු අවි ආයුධ සහ මත්ද්‍රව්‍ය සමඟ ඉකුත්දා (12) අත්අ­ඩං­ගු­වට ගත් බව කොස්ගොඩ පොලි­සිය පව­සයි.

වයස අවු­රුදු විසි­න­ව­යක් හා හත­ළිස් වියේ පසු­වන මෙම කාන්තා­වන් දෙදෙනා කොස්ගොඩ ලෑලි හේත්තුව ප්‍රදේ­ශයේ පදිංචි විවා­හක කාන්තා­වන් බවත් ඔවුන් නිවෙ­ස්වල දොර­වල් කැඩීම සඳහා භාවිත කරන ලද කැති, මන්නා, යකඩ පොලු, කඩු ඇතුළු ආයුධ සමඟ හෙරො­යින් මිලි­ග්‍රෑම් 2410ක් ද අයිස් මත්කුඩු මිලි­ග්‍රෑම් 3112 ක් ද කොල්ල­කන ලද රන් බඩු උකස් තබා බැංකු­වෙන් ලක්ෂ පහක් පමණ මුදල් ලබා­ගත් උකස් බිල්පත් ද සමඟ අත්අ­ඩං­ගු­වට ගත් බව පොලි­සිය පව­සයි.



පොලි­සියේ බුද්ධි අංශ­යට ලද තොර­තු­රක් මත අත්අ­ඩං­ගු­වට ගත් මෙම කාන්තා­වන් දෙදෙනා සහ කොල්ල­කෑම් සඳහා ඔවුන්ට සහාය වන පුද්ග­ල­යන් සිව් දෙනකු පිළි­බඳ කොස්ගොඩ පොලි­සිය විම­ර්ශන කට­යුතු අරඹා ඇති අතර මෙම කාන්තා­වන් දෙදෙනා මීට පෙර ද මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බ­න්ධ­යෙන් වැර­දි­ක­රු­වන් වූ අය බවත් ඔවුන් හෙරො­යින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවත් මත්ද්‍ර­ව්‍ය­ව­ලට අධික ලෙස ඇබ්බැහි වූවන්ට මත්ද්‍රව්‍ය ලබා දී නිවෙ­ස්වල තොර­තුරු ද සපයා කොල්ල­කෑම් සඳහා යොද­වන බවත් පොලි­සිය කියයි.



ඌර­ග­ස්මං­හ­න්දිය, අහුං­ගල්ල, කොස්ගොඩ යන ප්‍රදේ­ශ­වල නිවාස රැසක් මොවුන් කොල්ලකෑ බවට තොර­තුරු ලැබී ඇති බවත් කළු ඇඳුම් ඇඳ දොර­වල් කඩා නිවෙ­ස්ව­ලට ඇතුළු වී නිවැ­සි­යන්ට පහ­රදී මරණ තර්ජ­නය කොට රන් භාණ්ඩ හා මුදල් ලබා­ගෙන තිබූ බවත් පොලි­සිය පව­සයි.

මෙම වැට­ලීම සඳහා කොස්ගොඩ පොලිස් ස්ථානා­ධි­පති ප්‍ර.පො.ප. ප්‍රභාත් දේශ­බන්දු, අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති ප්‍ර.පො.ප. උදාර සිල්වා, උ.පො.ප. උපු­ල්සිරි, පො.කො.වරුන් වන ලක්ෂිත (77725), තරිඳු (104466), ජය­මාන්න (12779) ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් සහ­භාගි වූහ. පොලි­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගත් සිව්‍දෙ­නා­ගෙන් කාන්තා­වන් දෙදෙනා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කිරී­ම­ටත් එක් පුද්ග­ල­යකු රඳවා තබා­ගෙන විම­ර්ශන කට­යුතු සිදු කිරී­ම­ටත් අනෙක් පුද්ග­ල­යාට ඇප ලබා දීම­ටත් අධි­ක­ර­ණය විසින් නියෝග කෙරිණි.
(බෙන්තොට - එස්. මද්දෙ­වි­තාන)