
කල්පිටිය ජනසවිපුර විජයසුන්දරාරාම විහාරස්ථානයට ඊයේ (5) පැමිණි කාන්තාවක් බුදු පිළිම වහන්සේ නමක් පොළවේ ගසා කුඩු කර ඇතැයි, විහාරාධිපති පුත්තලම දිසාවේ ප්‍රධාන සංඝ නායක, කල්පිටිය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමියෝ පැවසූහ.
සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයට අයත් මෙම විහාරස්ථානය ආණවාසල ජනසවිපුර කල්පන්ටයිම් ආදී ප්‍රදේශයන්හි බොදුනු ජනතාවගේ ආගමික අවශ්‍යතා සැපිරූ එකම බෞද්ධ සිද්ධස්ථානය බවත් උන්වහන්සේ කීහ.
මෙම බෞද්ධ සිද්ධස්ථානය හා වේලන්කන්නි මාතා කිතුනු සිද්ධස්ථානය එකම ඉඩමේ යාබදව පිහිටා තිබේ. මේ සම්බන්ධයෙන් අපි එම කතෝලික දේවස්ථානයේ භාරකාර කල්පිටිය මීසම් පාලක සම්පත් ප්‍රසංග පියතුමාගෙන් ද විමසුවෙමු. එතුමා ප්‍රකාශ කළේ මානසික ආබාධයක් සඳහා ප්‍රතිකාර ගන්නා අසල්වැසි කාන්තාවක විසින් මෙම ක්‍රියාව සිදු කර ඇති බව ය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරිලාල් එදිරිසිංහ මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් 38 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම කාන්තාව පුත්තලම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත්ය.
(කුමාරී පද්මලතා)
Comments
Post a Comment
Your comment will be visible after approval