itc-rathnadipa-colombo

කොළඹ නගරයට එක්වූ අලුත්ම දැවැන්ත අති සුබෝපභෝගී සුපිරි හෝටල් සංකීර්ණය ITC රත්නදීප අද අප්‍රේල් 25 වෙනිදා
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විවෘත කළේය.
ඉන්දියානු සමාගමක් වන ITC Ltd හී පූර්ණ අනුබද්ධිත සමාගමක් වන Welcom Hotels Lanka Ltd විසින් මෙම හෝටලය ඉදිකර තිබේ.
මහල් 50 කින් යුතු නේවාසිකව කුළුණ ( Residential Tower ) මීටර් 224 ක් සහ මහල් 30 කින් යුතු හෝටල් කුළුණ ( Hotel Tower ) මීටර් 139 කින් සහ මීටර් 59 ක අහස් පාලමකින් 19 හා 21 මහල් සම්බන්ධ කරන අතර බාහිර තටාක මහලක් ( Infinity Pool ) ඇත.

ප්‍රධාන කුලුනු දෙකක් යා කරමින් අඩි 100ක් ඉහළ අහසේ ඉදි කෙරුණු අහස් පාලම මෙහි විශේෂත්වය වන අතර මෙරට එවැන්නක් ඉදි කෙරුණු පළමු වතාව මෙයයි.
වාහන 1210 ක් නැවතීම සඳහා බිම්මහලේ තට්ටු 4 ක් වෙන්කර තිබේ.
ඉන්දියාවෙන් පිට ඉදිකර ඇති ITC පළමු හෝටලය මෙය වන අතර මෙරට පළමු වරට දැකගත හැකි Ahasa One Sky Bridge අහස් පාලමකින් යුක්තය.
මේ සඳහා කර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් මිලියන 400ක්. එහි හෝටල් කාමර 350ක් තිබේ.