foxhill-accident-update

දියතලාව නරියාකන්ද මෝටර් රථ ධාවන පථයේදී 21වනදා පැවැති ‘ෆොක්ස්හිල් සුපර් ක්‍රෝස්' මෝටර් රථ ධාවන තරගයේදී සිදුවූ අනතුර  සම්බන්ධයෙන් අත්අඩංගුවට  ගත් රියැදුරන් දෙදෙනා කිසියම් මත්ද්‍රව්‍ය භාවිත කළේද යන්න පිළිබඳව සොයා බැලීම සදහා වෛද්‍ය පරීක්ෂණයකට යොමුකළ බව

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව මහතා පැවැසීය. පොලිසිය විමර්ශන වලදී සිදුකළ මෙම අනතුර සිදුවීමට පෙර එක් මෝටර් රථයක් අනතුරට ලක්වී ඇති බවත් පසුව පිටුපසින් අධික වේගයෙන් පැමිණි

මෝටර් රථ දෙකක් එම කාර් රථය මගහැර යාමට යාමේදී එම මෝටර් රථ දෙක අධික වේගයෙන් නරඹන්නන් දෙසට ධාවනය වීමෙන් මෙම අනතුර සිදු වී ඇතැයි තල්දූව මහතා කීය.

ඊට අමතරව මෙම තරගාවලියේදී මුලින්ම එක් මෝටර් රථක් අනතුරට ලක් වූ බවට තරගාවලියේ සේවයේ යොදවා සිටි පුද්ගලයන් ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන්නේද?, කිසියම් පිරිසක් එම අනතුරු සම්බන්ධයෙන් වගකීම් මගහැර සිටියේද යන්න පිළිබඳවත් එම තොරතුරු අනුව සංවිධායකයන් කටයුතු කළේද යන්න

පිළිබඳව විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.එම අනතුර පිළිබඳව තොරතුරු දැනුම්දී තිබියදීත් ඒ පිළිබඳව අවධානය නොකර සිටියේ නම් ඒ සඳහා දණ්ඩ නීති සංග්‍රහයට අනුව චෝදනා එල්ල කිරීමේ හැකියාව පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ගයාන් සූරියආරච්චි