dimbulagala-stone-note

දිඹුලාගල කදු මුදුනෙන් සොයාගත් ශ්‍රී ලංකාවේ විශාලතම සෙල්ලිපියේ මැකී ගිය අක්ෂර මතු කරගැනීම සඳහා ශ්‍රී ලංකාවේ පළමුවරට නව තාක්ෂණය උපයෝගී කරගනිමින් එම කටයුතු සිදුකිරීම ඊයේ (02දා)පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ මහතා ඇතුළු පුරාවිද්‍යා නිලධාරීන් පිරිසකගේ

ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

මීට පෙර සාමාන්‍ය ආකාරයෙන් කඩදාසි භාවිත කරමින් මෙම සෙල්ලිපියේ ස්පර්ශ ලාංඡන පිටපත් කර ගත් බවත්, එයින් කියවීමට හැකි වූයේ සියයට හතළිහක පමණක් ප්‍රමාණයක් බවත්, නවීන තාක්ෂණය භාවිත කරමින් මෙම සෙල්ලිපිය නැවත පිටපත් කරන බවත්, ඒ සඳහා ක්‍රමවේද තුනක් අනුගමනය කරමින් දින තුනක් මෙම ස්ථානයේ රැදී සිටිමින් අදාළ අක්ෂර පිටපත් කර මෙම සෙල්ලිපිය පිළිබඳ තවදුරටත් අධ්‍යයනය සිදුකරන බවත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අර්ජුන රන්තිලගේ මහතා සඳහන් කළේය.

දිඹුලාගල සෙල්ලිපිය නූතන තාක්ෂණය ඔස්සේ ඡායාරූප කරන බවත්, ඒ සඳහා ඉන්දියා ඡායාරූප තාක්ෂණික ක්‍රමවේදය සහ ඩ්‍රෝන කැමරා තාක්ෂණ ක්‍රමවේදය භාවිත කරන බවත් ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට පැමිණි, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ නිලධාරීහු සඳහන් කළහ.2023 ඔක්තෝබර් 26 වෙනිදා පුරාවිද්‍යා නිලධාරීන් විසින් මෙම සෙල්ලිපිය සොයාගැනීමෙන් අනතුරුව මාසයකට අධික කාලයක් පුරාවිද්‍යා නිලධාරීහු එහි රැදී සිටිමින් සෙල්ලිපියේ අක්‍ෂර පිටපත් කළහ.

පූර්ව බ්‍රාහ්මීය අක්‍ෂරවලින් කොටා ඇති මෙම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය වෙනස්වනු අද්දැ බවට පුරාවිද්‍යා ගවේෂණ නිලධාරීන් මත පළකර අතර, මෙම සෙල්ලිපිය පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් පසු බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් විද්වත් කමිටුවක් පත්කළ අතර එම කමිටුව මීට මාසයකට පමණ ඉහතදී කරුණු දහයක් ඔස්සේ එම සෙල්ලිපියෙන් කියැවෙන කරුණු පිළිබඳව ප්‍රකාශ කිරීමට මාධ්‍ය සාකච්ඡාවක්ද පවත්වා තිබුණි.

දිගින් අඩි 50 කින් සහ උසින් අඩි 9 කින් යුත් මෙම දුර්ලභ ගණයේ සෙල්ලිපිය, පිළිබඳ පසුගිය කාලය පුරා විවිධ සමාජ මාධ්‍ය අස්සේ කතාබහට ලක්කර අතර, නිශ්චිත වශයෙන්ම සෙල්ලිපියේ අර්ථකථනය මෙතෙක් හෙළිදරව් නොවන බවටද විවිධ පාර්ශ්ව චෝදනා කළහ. මෙම සෙල්ලිපිය දෙවනවරට ලොව නවීන තාක්ෂණය ඔස්සේ කියවීම සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා විද්‍යාඥ කන්තලේ සුමිත්ත හිමියන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අභිලේඛන හා නාභික විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්ෂ බුද්ධි නාගොඩවිතාන මහත්තුරු ඇතුළු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දහයකට අධික නිලධාරී කණ්ඩායමක් සහභාගි වී සිටියහ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර හිමියන් සදහන් කළේ මෙම සෙල්ලිපිය සම්පූර්ණයෙන්ම පිටපත් කරමින් එහි සැබෑ අන්තර්ගතය රටට හෙළිදරව් කරන ලෙසයි. ඉන් අනතුරුව දෙස් විදෙස් සංචාරකයන්ට නැරඹීමට අවකාශය ලැබෙන පරිදි එම ස්ථානයට ළඟාවීමට මාර්ගයක්, සෙල්ලිපියේ ආරක්ෂාවට ආවරණයක් සැකසීමත් අදාළ බලධාරීන්ගේ වගකීමක් හා යුතුකමක් බවද උන් වහන්සේ පැවසුහ.
(නිමල් ජයරත්න)