dhammika-hayles-sri-lankan

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කැදවීම්වලට කැමැත්ත පළ කළ සමාගම් අතර වන හේලීස් සමූහය සිටින බව මුදල්, ආරිථික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනය කළේය. හේලීස් සමාගමේ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 51 කට වැඩි ප්‍රතිශතයක් ප්‍රසිද්ධ ව්‍යාපාරික සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට හිමිව ඇත.

මුදල් අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව පවසන්නේ ඒ සඳහා සමාගම් 6 ක් අභිලාෂ ඉදිරිපත් කර ඇති බවත් ඒ අතර හේලීස් සමාගම ද සිටින බවත්ය.ම

ැලේසියානු බහුජාතික ගුවන් සේවය වන එයාර් ඒෂියා, ෆිට්ස් එයාර්, දර්ශාන් එලීට් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩින්ග්ස්, ෂෙරිශා ටෙක්නොලොජීස් සමාගම සහ ට්‍රෂර් රිපබ්ලික් ගාර්ඩියන්ස් සමාගම යන සමාගම් ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා අභිලාෂ ඉදිරිපත් කළ සෙසු ආයෝජකයෝ වෙති.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කරණය සඳහා වන අභිලාෂ කැඳවීම පසුගියදා (22) අවසන් වීමෙන් පසුව රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මෙම සමාගම් හය ප්‍රසිද්ධ කළේය.ශ්‍රී ලන්කන් ගුවන් සේවය මූල්‍ය වශයෙන් මෙන්ම කීර්තිනාමය සම්බන්ධයෙන් දැඩි පහත් තත්වයකට පත්ව සිටීම නිසා එම ගුවන් සේවය මිලදී ගැනීමට කලාපීය හෝ ජාත්‍යන්තර ප්‍රධාන ගුවන් සමාගම් ඉදිරිපත් නොවන්නේ යැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට පෙර පැවසූ අතර ඒ හේතුවෙන් අභිලාෂ කැඳවීම් කාලය අප්‍රේල් මස දක්වා දීර්ඝ කිරීමට ද පියවර ගැනුණි.ශක්තිමත් ආයෝජකයෙක් සොයාගැනීමේ අරමුණින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත්තේය.අභිලාෂ බාරගැනීමේ අවසන් දිනය අප්‍රේල් මස 5 වැනිදා දක්වා

පළමුවෙන්ම යොදා තිබුණ ද පසුව එය අප්‍රේල් මස 22 වැනිදා දක්වා දීර්ඝ කළේය.

අභිලාෂ ඉදිරිපත් කර ඇති සමාගම් හය අතරින් එයාර් ඒෂියා සමාගම ගුවන් යානා සංඛ්‍යාව සහ ගමනාන්ත ප්‍රමාණ මත මැලේසියාවේ විශාලතම ගුවන් සේවය වන අතර එයාර් ඒෂියා රටවල් 25 ක් පුරා විහිදෙන ගමනාන්ත 166 කට වැඩි සංඛ්‍යාවකට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.හේලීස් සමූහය ද ගුවන් සේවා සහ සංචාරක ව්‍යාපාර සඳහා දැඩි උනන්දුවකින් පසුවන බව දැනගන්නට තිබේ. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව 2023 ජූලි මාසයේදී අමාත්‍ය මණ්ඩලය අනුමත කළ රාජ්‍ය සතු ව්‍යවසායන් පිළිබඳව කටයුතු කරන අතර ඒ යටතේ වන ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දෙයි.
යොහාන් භාසුර