
විස්සයි විස්ස ක්‍රිකට් තරගයක දී පන්දුවාරයක් තුළ දී හයේ පහර හයක් එල්ල කළ තුන්වන ක්‍රීඩකයා ලෙස ක්‍රිකට් වාර්තා පොතට එක්වීමට නේපාල ක්‍රිකට් ක්‍රීඩක දිපේන්ද්‍ර සිං සමත් විය.
ඔහු මෙම දක්ෂතාවය පෙන් වූයේ ආසියානු ප්‍රිමියර් කුසලාන ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ කටාර් රාජ්‍යට එරෙහිව පැවති තරගයේ දී ය.
ඒ අනුව සුපිරි ක්‍රීඩකයින් වන යුවරාජ් සිං සහ කිරන් පොලාඩ්ගෙන් පසුව ජාත්‍යන්තර 20-20 පිටියේ පිට පිට පන්දු 6 ක දී හයේ පහරවල් 6ක් වාර්තා කළ පිතිකරුවා බවට ඔහු පත් විය.
එමෙන්ම, ඔහු පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී මොංගෝලියාවට එරෙහිව පැවති තරගයක දී පන්දු 9කින් අර්ධ ශතකයක් වාර්තා කරමින් 20/20 පිටියේ වේගවත්ම අර්ධ ශතක ලාභියා ලෙස ද වාර්තා පොතට එක්විය.
එම තරගයේ පළමුව පන්දුවට පහර දුන් නේපාලය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවි ලකුණු 210ක් රැස් කිරිමට සමත් විය.
එහි අවසන් පන්දුවාරයේ දී ක්‍රියාත්මක වූ දිපේන්ද්‍ර සිං පිට පිට පන්දු 6 ක දී හයේ පහරවල් 6ක් වාර්තා කළේ ය.
එමෙන්ම, දීපේන්ද්‍ර සිං පන්දු 21කදී හයේ පහර 7ක් සහ හතරේ පහර 3ක් සමගින් නොදැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 64ක් වේ.
කෙසේ වෙතත්, කටාර් රාජ්‍යට නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9ක් දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 178ක් පමණක් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval