
බ්‍රිතාන්‍ය රජපවුලේ කේට් කුමරියගේ පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු ඇතිවූ සිත් කැළඹීම සුව කිරීමට ජනතාව ඔවුන් දෙන්නාට “කාලය" ලබා දිය යුතු බව හිටපු රාජකීය ප්‍රකාශකයෙක් පවසා ඇත.
කෙන්සිංටන් මාලිගාවේ පැඩී හාවර්සන් මෙම නිවේදනය නිකුත් කළේය.
මාලිගාව යනු නිකම්ම ආයතනයක් නොවේ, මේක පවුලක්... “ඔබත් මතක තබා ගත යුතුයි ඔවුන් මිනිසුන් බව" ඔහු BBC වෙත පවසා තිබිණ.
කැතරින් පසුගියදා හෙළි කළේ ඇගේ තත්වය පිළිබඳ සති කිහිපයක් අනුමාන කිරීමෙන් පසුව ඇය ප්‍රතිකාර ආරම්භ කර ඇති බවයි.
ඇයගේ උදරයේ සැත්කමකට භාජනය කිරීමෙන් පසුව පිළිකාවක් ඇති බව අනාවරණය වූ බව ඇය පැවසුවාය.
පිළිකාව පිළිබඳ තොරතුරු අනාවරණය වී නොමැති නමුත් කුමරිය සම්පූර්ණ සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බව කෙන්සිංටන් මාලිගය පවසා ඇත.
මේ අතර, රජුගේ බෑණනුවන් වන පීටර් ෆිලිප්ස් ස්කයි නිව්ස් ඕස්ට්‍රේලියාවට පවසා ඇත්තේ
චාල්ස් "හොඳ මනෝභාවයකින්" පසුවන නමුත් වෛද්‍ය ප්‍රතිකාර නිසා රාජකාරී නොකරන්නට උපදෙස් දී ඇති බවත් රජු එයින් කලකිරී ඇති බවත්ය.
එය සිදුවන්නේ චාල්ස් රජු පිළිකා රෝග විනිශ්චය කිරීමෙන් පසු ඔහුගේ ප්‍රසිද්ධියේ පෙනී සිටීම නතර කර සති හයකට පසුවය.
මොවුන් දෙදෙනාම එකවරම ලන්ඩන් ක්ලිනික් පෞද්ගලික රෝහලේ කෙටි වේලාවක් ප්‍රතිකාර ලැබූහ.
Comments
Post a Comment
Your comment will be visible after approval