109-out-of-337-rain-gauges-across-the-island-are-inactive

මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14 ක ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රිය වර්ෂා මාපක 337 ක් අතුරින් ඉකුත් 2023 වර්ෂයේ නොවැම්බර් මාසය වන විට 199 ක් අක්‍රියව පැවති බව ජාතික විගණන කාර්යාලයේ විගණන වාර්තාවක සඳහන් වේ. මෙම වර්ෂාමාන ක්‍රියාවිරහිත වීම හේතුවෙන් නාය යාම පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනා ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවද එම විගණන වාර්තාව මගින් අනාවරණය කොට ඇත.



මෙම වර්ෂාමාන නඩත්තු කිරීමේ කටයුතු ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාර්න් විසින් සිදු කරනු ලබන අතර, සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් සිටින නිසා දිස්ත්‍රික්ක 14 ක ස්ථාපිත කොට තිබූ වර්ෂාමාන පද්ධති නඩත්තු කිරීමේ ගැටලු රාශියක් පවතින බවද, අප්‍රේල් 26වන දින නිකුත් කරන ලද විගණන වාර්තාවේ සඳහන් වේ.

ස්වයංක්‍රීය වර්ෂාමානවල ජාත්‍යන්තර උපාංග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මේවා නිරන්තරයෙන් ම සෑම මසකටම දෙවතාවක් අක්‍රිය වීමට බලපා ඇත.ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේක්ෂණවලට සිදුවන අවහිරතා ද නිවැරදි නායයාම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම කෙරෙහි බලපෑම් ඇති කොට තිබූ බව විගණනය මගින් අනාවරණය කොට ඇත. වර්ෂාමාන පද්ධති 330ක් පැවතුණද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ

පර්යේෂණ සහ ආපදා කළමනාකරණ අංශය මගින් ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කර තිබුණේ ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධති 251කින් ලැබෙන දත්ත පමණක් බවද එම විගණන වාර්තාවේ සඳහන්වේ.
චන්දන සමරවික්‍රම