benjamin-nethanyahu-surgery

ගාසා තීරයේ යුද ගැටුම් අතරතුරේ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය ඛෙන්ජමින් නෙදන්යාහු හදිසියේ රෝහල්ගත කළ බවත්, ඔහු හර්නියා සැත්කමකට භාජන කළ බවත් විදෙස් මාධ්‍ය පවසයි. හර්නියා සැත්කම සාර්ථක විය. අග්‍රාමාත්‍ය නෙදන්යාහු යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවත්, ටික දිනක් ඔහු විවේක ගනු ඇති බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. සැත්කම සිදු කෙරුණේ පෙරේදා (31) සවසය.

අග්‍රාමාත්‍යවරයාට, හර්නියා සැත්කමක් කළ යුතු යැයි වෛද්‍යවරුන් තීරණය කළේ අග්‍රාමාත්‍යවරයා සුපුරුදු

පරිදි වෛද්‍ය පරීක්ෂණවලට යොමු කළ අවස්ථාවේදී යැයි විදෙස් පුවත් සේවා වැඩිදුරටත් කියා සිටී.ඊශ්‍රායලය, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් සොයා පහර දෙන්නේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ පහර දීමෙන් පසුවය. ඊශ්‍රායලයට කඩා වැදුණු හමාස් සටන්කාමීහු ඊශ්‍රායල වැසියන් 200 කට ආසන්න පිරිසක් පැහැරගෙන ගියහ. 150 ක පමණ පිරිසක් තවමත් හමාස් ප්‍රාණ ඇපයේ පසුවෙති.

ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නවත්වා දමන්නේ, හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමෙන් පසුව යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ. ඊශ්‍රායලය, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙද්දී, පලස්තීන සිවිල් වැසියන් මියයෑමත්,

හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට අනතුරක් සිදුවීමත් සැලකිල්ලට ගනිමින්, නෙදන්යාහු රෝහල්ගතව සිටිද්දී, නෙදන්යාහුටත්, ඊශ්‍රායල රජයටත් එරෙහිව දැවැන්ත විරෝධතාවක් ජෙරුසලමේදී පැවැත්විණි. ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම වහා නවත්වා, හමාස් අත්අඩංගුවේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා ගන්නැයි බලකරමින්, එම විරෝධතාව පැවැත්විණි. දහස් ගණනක් ඊශ්‍රායල වැසියෝ ඊට එක් වූහ. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු සහ රජයට එරෙහිව පැවැති දැවැන්තම විරෝධතාව මෙය යැයි ද පචැසෙයි.