vegetable-price-hike

 අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග මිල අඩු වී තිබුණත්, එම භාණ්ඩ සිල්ලරට අලෙවි කිරීමේදී ඉහළ මිල ගණන් යටතේ අලෙවි කරමින් තිබේ. පිට කොටුවේ වියළි මිස් කිලෝවක තොග මිල රුපියල් 700-750ත් අතර විද්‍යුක් ගෙන තිබුණත්, සමහර ප්‍රදේශවල වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් එක්දහස් එකසියය ඉක්මවා අලෙවි කරමින් තිබේ.



ග්‍රෑම් 100 හෝ 200 වශයෙන් අලෙවි කිරීමේදී ග්‍රෑම් 100ක් රුපියල් 160 කට අනුව කරමින් තිබෙන බව වාර්තා වේ.

සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 255-260ත් අතර මිලක් ගෙන තිබියදී, ඇතැම් ප්‍රදේශවල සීනි කිලෝවක සිල්ලර මිල රුපියල් 300-310ත් අතර මිලක් ගෙන තිබේ. ආනයනික හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 800-850ත් අතර මිලක් ගෙන තිබියදී, ඇතැම් පුදේශවල හාල්මැස්සන් කිලෝවක සිල්ලර මිල රුපියල් 1100-1200ත් අතර මිලකට අනුව කරමින් තිබේ.

එමෙන්ම හාල්මැස්සන් ග්‍රෑම් 100 වශයෙන් මිලදී ගැනීමේදී ග්‍රෑම් 100ක් රුපියල් 130-150ත් අතර මිලකට අලෙවි කරනු ලබයි. ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 175 180ත් අතර මිලක් ගෙන තිබුණත්, ඇතැම් ප්‍රදේශවල ආනයනික අර්තාපල් කිලෝවක් රූපියල් 240- 250ත් අතර මිලකට අලෙවි කරමින් තිබේ.

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පවා අර්තාපල් කිලෝවක මිල රුපියල් 200-210ත් අතර මිලක් ගෙන තිබේ.ආනයනික ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 460-480ත් අතර මිලක් ගෙන තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල ලොකු ලුනු කිලෝවක සිල්ලර මිල රුපියල් 580-620ත් අතර මිලක් ගෙන තිබේ. මයිසුර් පරිප්පු කිලෝවක තොග මිශ්‍ර රුපියල් 280-290ත් අතර මිලක් ගෙන තිබෙන අතර, ඇතැම් ප්‍රදේශවල පරිප්පු කිලෝවක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 320-350ත් අතර මිලකට වේ.
ඉන්දික හේවාවිතාරණ