
ඉතා ළඟකදී හදුන්වා දුන් රාජ්‍ය සේවයේ බලපත‍්‍ර මත අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීමේ ක‍්‍රමවේදයේ ගැටලු රැසක් පැනනැඟී ඇතැයි ශ‍්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙරේදා (23 දා) මාධ්‍ය හමුවේ පැවැසීය.ඒ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තු ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මේ බව කීය.
දුම්රිය දෙපාර්තමේන්තු මට්ටමෙන් අදාළ ක‍්‍රමවේදය සකස් කළ පුද්ගලික ආයතනය වෙත මෙම පද්ධතියේ ගැටලු ඇති බැවින් කඩිනමින් එම ගැටලු නිරාවරණය කර දෙන ලෙස ඉල්ලීමක්ද කළේය.
බලපත‍්‍ර මත අන්තර්ජාල ඔස්සේ ආසන වෙන් කිරීමේදී බලපත‍්‍රයේ සදහන් දත්ත නිවැරදි ලෙස ඇතුළත් කිරීමට ඇතැම් පුද්ගලයන් නොදැන සිටීම මත හා හදුන්වා දී ඇති පද්ධතියේ දිගින් දිගටම දෝෂ වාර්තා වීම සිදුවන බවද හෙතෙම කීය.
මේ තත්ත්වය තුළ මේ ගැටලු සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමය අදාළ පාර්ශ්වයන් දැනුවත් කළ ද මෙතෙක් එයට නිසි විසදුම් ලැබී නැතැයි ද හෙතෙම කීය.
ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්
Comments
Post a Comment
Your comment will be visible after approval