
සීදූව, මුතුවාඩිය ප්‍රදේශයේදී 26 හැවිරිදි කාන්තාවක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී සොයාගෙන තිබෙයි.
ඊයේ රාත්‍රියේ බෝඩිමක කාමරයක් තුළ මෙම කාන්තාව මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.
මියගොස් ඇත්තේ පලුගොල්ලේගම - මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.
මෙම කාන්තාව අනියම් ඇසුරක් පැවැත්වූ පුද්ගලයෙකු සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.
ඝාතනයෙන් පසු ප්‍රදේශයෙන් පලාගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට සීදූව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval