
මුලින්ම ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට ඊයේ (18දා) දැනුම්දී තිබේ.එබැවින් පළමුව ජනපතිවරණය වෙනුවෙන් සූදානම් වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කොට ඇත.
මුලින් පැවැත්වෙන්නේ මහ මැතිවරණයද? ජනාධිපතිවරණයද යනුවෙන් පැතිරෙන මතවාද සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මින් පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය වන හෙයින් ඒ අනුවම කටයුතු සිදුවනු ඇති බවය.
එහිදී ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර ඇති අතර
වර්තමානයේ පවතින සංවර්ධන කටයුතු ඇතුළු ආණ්ඩුවේ කාර්යයන් ඉතා කඩිනමින් අවසන් කරන ලෙසට ද උපදෙස් ලබා දී තිබෙයි.
එම කාර්යයන් මැතිවරණ ජයග්‍රහණයන් සඳහා වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දන්වා ඇත.
මේ අතර තමන්ට වාසි නිසා මහමැතිවරණය මුලින් පැවැත්විය යුතු බවට බැසිල් නාමල් ඇතුළු පොහොට්ටු ප්‍රබලයින් පසුගිය දිනවල මතයක් ගෙන ආ අතර ඔවුන් මේ ගැන තවම ප්‍රතිචාර දක්වා නැත.
Comments
Post a Comment
Your comment will be visible after approval