eran-cope-resign

පො‍දු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයාට ඊයේ (18) යොමු කළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්ත මහතා පැවසීය.

කෝප් කමිටුවෙන් කළ සොයාගැනීම් නිවැරදි නොකිරීම, චෝදනා එල්ල වූ පුද්ගලයන් පිළිබඳ ක්‍රියාමාර්ගයක් නොගෙන යළි කෝප් කමිටුවට පත් කිරීම වැනි චෝදනා නිසා මෙලෙස තමා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වූ බව ඊයේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

"මම කෝප් කාරක සභාවේ සාමාජිකයෙක්. මම අද මගේ කෝප්කාරක සභාවේ සාමාජිකත්වයෙන් අස්වීමේ ලිපිය කථානායකවරයාට භාර දුන්නා. කෝප්කාරක සභාව කියන්නේ රාජ්‍යයේ ව්‍යාවසාය පිළිබඳ සොයා බලන සභාවයි. මේක පිහිටුවලා දැන් අවුරුදු 45ක් පමණ වෙනවා, මම පාර්ලිමේන්තුවට ආවේ 2010දී. මම 2010 ඉදලා කෝප් කාරක සභාවේ සාමාජිකත්වයේ ඉඳලා තියෙන්වා. එක අවස්ථාවක විතරයි මගේ නම යෝජනා කළාම ඒක භාරගත්තේ නැත්තේ. ඒක තමයි බැදුම්කර වංචාවේ තිබුණා කියලා කතාවක් තිබුණා.

කෝප් කමිටුව වැදගත්කම තමයි රජයේ ආයතන හා රජයේ විශ්වස ගැන සොයා බලන්නත්,

මුදල් පරිහරණය කරන්නේ කොහොමද, පරිපාලනය කරන්නේ කොනොමද, නීතිය අනුව ඒ කටයුතු සිදු වෙනවාද යන කාරණා බැලීම තමයි. ඒ අනුව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරනවා, කෝප් කධූවත් වාර්තා කිහිපයක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්වා. පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළාට පස් තම්යි ඒ සොයාගත් දේවල් නිවැරදි කිරීම පිළිබඳ වැඩ පිළිවෙළවල් කරගත යත්ත පුළුවත්, නමුත් ඒ නිවරදි කිරීම් සිදු වෙලා නෑ.

ළගදී පත්වීමක් කරලා තිබුණා. සභාපතිවරයෙක් හිටියා. ඒ සභාපතිවරයා යම්කිසි වරදක් කරලා තියෙනවා කියලා කෝප් සභාවේ මන්ත්‍රීවරුන් නිගමනයකට ආපු නිසා කෝප් සභාවේ රැස්වීම් අත්හිටුවනු බුවා ඉන්පසු කෝප් සභාව එවැනි පුද්ගලයන්ට නැවත නැවත පත් කර තියනවා. කෝප් සභාවේන් දූෂණය වගේ දේවල් හොයලා බලන්නේ. නමුත් මම අහන ප්‍රශ්නය තමයි මේ පත්කරණ පුද්ගලයන්ට තිබෙන චෝදනා ගැන විමසීමක් කරලා තියෙනවාද කියලා,

සුදුසු පුද්ගලයන් මේකට පත් කරළේ නැති නම් කවදාවත් මේ දූෂණය මර්දනය කරන්න බැහැ.

මේ ලංකාවේ පාර්ලිමේන්තුව නීත්‍යනුකූලයි. නමුත් පිළිගැනීමක් නැ, සුජාතභාවයක් නැ. වත්මන් ජනාධිපතිතුමා තීත්‍යනුකූලයි. නමුත් සුජාතභාවයක් නෑ, පිළිගැනීමක් නැ. ඒ නිසා පිළිගැනීමක් ඇති කර ගත යුතුයි. මේ වගේ තීරණ පාර්ලිමේන්තුවේ තවත් කෝප්කමිටුවත් ගන්වා නම්, රජය මෙවැනි තීරණ ගන්නවා නම් පාර්ලිමේන්තුවටත් තියෙන පිළිගැනීම නැතිවී ගෙන යනවා ඒ නිසා තමයි මම මගේ අස්විමේ ලිපිය අද භාර දුන්නේ,”


දිනේෂ් සමරකෝන්